2014-10-16

Android වල මීලග මෙහෙයුම් පද්ධතිය Lollipop ලෙසට නම්වේ...

  Android වල මීලග මෙහෙයුම් පද්ධතිය මේ වන විට Lollipop ලෙසට නම්වන බවට නිල ලෙසට ප්‍රකාශයට පත්ව තිබෙනවා. "L" වන සංකේතාත්මක නමකින් පලමුව Google ආයතනය තම Android මෙහෙයුම්  පද්ධතිය හඳුන්වා දෙන්නට කටයුතු කල අතර එය සමන්විතව පැමිනෙන නව දෘශ්‍ය ස්වභාවය Material Design ලෙසට නම්කර සිටින්නට කටයුතු කරනු ලැබුවා. Lollipop ස්ථාපිතව පැමිනෙන පැමිනෙන පලමු උපාංග  වන Nexus 6, Nexus 9, Nexus Player(android TV set-top box) යනාදියද මේ වන විට නිවේදනය කර සිටින්නට කටයුතු කර තිබෙනවා. ලොව වැඩිම භාවිතාවක් ලබන මොබයිල් මෙහෙයුම් පද්ධතිය වන මෙම Android 5.0 සදහා වන නාමය කුමක් වේදැයි හදාරන්නන් අතර විවිද මතවාද පැවති අතර මෙම Lollipop ලෙසට වන නිවේදනයත් සමග එම ගැටලුව අවසන් වනු ඇත.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...