අන්තර්ජාලය සුඛෝපභෝගී පහසුවක්ය යන තත්වයේ සිට දෛනික ජීවිතයේ අත්‍යාඅවශ්‍ය පහසුවක් බවට සමහර රටවල නෛතිකව පිලිගන්නා මට්ටමේ සිට මග නොහැරිය හැකි පහසුවක් වෙමින් තිබේය යන්න දක්වා තවත් සමහර රටවල මේ වනවිටත් පිලිගැනෙමින් ඇත. ආරම්භයේදී එය විද්‍යාත්මක ව්‍යාපෘතියක ස්වරූපය ගත්තද මේවන විට මිනිසාගේ දෛනික ජීවිත්යේ සියලුම අංගයන් දක්වාම තම වපසරිය පතුරවාගෙන අවසන්ය. වෘතීය ජීවිතයේ මුලු පරාසය වටාම අඩු වැඩි වශයෙන් එය පැතිරී ඇත.
සාමන්‍ය ජීවිත වෙතට අන්තර්ජාලය අදාලවීම වැඩි වන්නට පටන් ගැන්මත් සමග හුදු තාක්ශනික කාරනා හෝ විනෝදාස්වාදන තත්වය ඉක්මවා ආගමික දේශපාලන ජාතික ආදීවූ සමාජීය තීර්නාත්මක කාරනා දක්වා එහි බලපෑම පවත්වන්නට පටන් ගෙන ඇත.ආරම්භයේදී තාක්ශනික විද්වතුන් මඩුල්ලන් කිහිපයකගේ ස්වෙච්ඡා සේවයෙන් තම ගමන් මග තීර්නය කරගත් අන්තර්ජාලය තවදුරටත් හුදු තාක්ශනික කරනාවක් ලෙසට තවදුරටත් පැවතිය නොහැකි බවට විවිධ දේශපාලනික ආගමික ආයතන යෝජනා කරන්නට මේ වනවිට කටයුතු කරමින් සිටී. අන්තර්ජාලය පාලනය කරන්නේ කවුද???? ඔවුනගේ ප්‍රධාන ගැටලුවකි. වරක් නන්නාදුනන දේශකයා තම දේශනයකදී පවසා සිටියේ "සියවස් ගනනකට පෙර දෙවිවරුන්ට පමනක් හිමියැයි සිතා සිටි හැකියාවක් අන්තර්ජාලය විසින් මිනිස් වර්ගයා වෙත ගෙනවිත් ඇත. එහෙත් ගැටලුව වන්නේ දේශසීමා මායිම් අදාල නොවන පෘතුවි විෂයක් සාගර වෙන්වීම් , දේශපාලනික වෙන්වීම් තවත් විටක ජාතික සංස්කෘතික වෙන්වීම් වලින් තවමත් වෙන්ව පාලන වෙමින් තිබෙන පෘතුවිය මතට කෙසේ බලපානු ඇත්දැයි කියාය."
මේ වන විට ගැටලුව මතුපිටට පැමිනෙමින් ඇත. රටවල් 193ක එකමුතුවක් වන එක්සත් ජාතීන්ගේ හමුවකදී සැබවින් අන්තර්ජාලය පාලනය කරමින් සිටින්නේ කවුද යන්න විමසීමට ලක් කර ඇත. දිනකට ඩොමේන 144000 ක ප්‍රමානයකින් ලියාපදිංචි වෙමින් වේගයෙන් වැඩෙන අන්තර්ජාලය කොතරම් වේගයෙන් පෘතුවි මිනිස් වර්ගයාගේ අභ්‍යන්තරයට යමින් සිටිනවාට එක් උදාහරනයක් නම් එක්දිනයට යු ටියුබ් නම් ප්‍රකට වෙබ් අඩවියට පැය 72ක ප්‍රමානයක වීඩියෝවන් එක්වෙමින් තිබීම දැක්විය හැක. පෙරකී සමුලුවේදී අවධාරනය වූ කරුනු අතර වේගයෙන් වැඩෙමින් ඇති සයිබර් අපරාධ සංක්‍යාව ඉහලින්ම සදහන්ව ඇත. වෙබ් අඩවි වෙත අනවසර පිවිසුම් , තොරතුරු පැහැර ගැනීම් මෙන්ම හානිකර මෘදුකාංග පැතිරීම් ද ඒ අතර ඇත.එසේම අපරාධ කරුවන් අන්තර්ජාලය භාවිතාව ඔස්සේ මත් දෘව්‍ය පැතිරවීමට සහය ගැනීම මෙන්ම නොයකුත් අපරාධ සදහා යොදා ගැනීම ආදිය ගැන එහිදී මහත්සේ කථා බහට ලක්වූ බවටයි සටහන් වන්නේ. රුසියානු යෝජනාවක් වූ රජයන්ට අන්තර්ජල පාලන සමසමව තිබුය යුතු බවට ඉදිරිපත්ව ඇති අදහස එහිදී වැඩි අවධානයක් ලත් බවටයි වාර්ථා පවසන්නේ.
ගූගල් ආයතනය මේ පිලිබදව මාධ්‍ය ආයතනයකට තම විරෝධය මිශ්‍ර අදහසක් පලකරමින් පවසා සිටියේ අන්තර්ජාලය වාරනය කිරීම කිසිසේත් නොසුදුසු වනවා මෙන්ම විවිධ මතවාදී රජයන් අතට එය පත්වීමට වඩා ස්වාධීන ආයතන අත එහි පලනය තිබීම වඩාත් සුදුසු වන බවයි.ගූගල් ආයතනය මෙම විරෝධය වඩාත් අර්ථවත් කර ගැනීම සදහා මේ වන විට ඔන්ලයින් ආකාරයේ පෙත්සමක් නිර්මානය කර ඇති අතර මේ වන විට ලොව පුරා මිලියන තුනකට අධික පිරිසක් එයට අත්සන් තබා ඇති බවටයි පැවසෙන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ඔබටත් එම අඩවියට පිවිසෙනු හැකි වනු ඇත.
http://www.freeandopenweb.com/