අවසාන දින කිහිපය වන විට නැගෙමින් තිබූ අපහසු බව මකා ගන්නට මෙන් වරක් මා තැබූ දින සටහන් මතකය. එය නම් “කාලය සාපේක්ශ බවට නම් දැන් මාහට කිසිදු සැකයක් නැත. මා මේ නගරයට පැමිනි මුල් දින වල විවේකී දිනයන් ගතකර ගන්නට නොහැකිව විටක කිහිපවරක් නගරයේ වීදී ඔස්සේ එක් කෙරවලක සිට අනෙක් කෙරවල දක්වා ඇවිද ගිය කාලයක්ද විය. ඒකාකාරී මත්පැන් හලවල් නිෂ්පල උත්සාහයන් බව ඉක්මනින්ම හැගිනි. දරුනු හුදකාලාවකට මැදිව උද්‍යානයේ කෙරවලක ලී අසුනක් මතට වී ඉදිරියෙන් ගලා යන ගංගාවේ නැගෙන සිහින් දිය රල මනින්නට තැත් කරමින් සිටින කලක අහබු ලෙස හමුවූ අපූරු තරුනියක සියල්ල වෙනස් කර දමන්නට හැකිව ඇත. නගරයේ සෙවය කරමින් සිටින වෛද්‍යවරියක වූ ඇය කැපී පෙනෙන මහත් රූමත් එකියකද නොවූවාය. නමුත් ඇය ක්‍රියාශීලී , ප්‍රසන්න ගති පැවතුම් මෙන්ම වාග් විලාශකින් යුත්ත එකියක වීමම අප නැවත නැවත හමුවන්නට වූ අවිඥානික බලකිරීමක් විය. ඒ සිදුවීමේ මුල් භාගයේදීය. මැද භාගයේදී හැදෑරීම් ප්‍රිය අප දෙදෙන තොරතුරු තාක්ෂණය හා එමින් ඇති ජීවි විද්‍යාත්මක තලයන අතර වන එකගතාවයන් ගැන හැදෑරීම් සටහන් පෙලකට පවා පෙලබිනි.අවසාන භාගය දැන් පැමින ඇත. මෙහි පැමිනි මුල් කාලයේ අප අතරින් ගලා යමින් තිබූ කාල යාන්ත්‍රනය කිසිවෙකු විසින් වෙනස් කර ඇද්දැයි සැක සිතෙන තරම්ය. බොහෝ සෙයින් ඈලි මෑලිව නැග බැස ගිය හිරු මෙතරම් ජව සම්පන්න වූවේ කෙසේදැයි මම මගෙන්ම විමසමින් සිටින්නෙමි”(56)
පැමිනෙන අඳුර නෙතුමානයේ වන සියල්ල පැන්සල් සිතුවමක් පමනක් බව පත්කරමින් ඇත. එය එලිය හා අඳුර පිලිබදව පමනක් වෙමින් ඇත. ඝන මිහිදුම් වැනි ස්වභාවය තැනින් තැන වෙනදාට දකින දැල්වෙන පහන් සිලු මුවා කර දමා තිබෙනවා විය යුතුය. විටක යෝධයන් මෙන් නැගී සිටින මිනිසුන් තවත් විටක අසරනයන් වන්නේ විටක හරිම අතාර්කික ලෙසටය. එම නගරයෙන් සමුගැනීම හෙටයි කියා තිබූ දිනයට පෙරදා දහවල මා දුන් දුරකථන ඇමතුම් කිසිවකට පිලිතුරු දෙන්නට අන් කෙරවලේ සප්‍රානික කිසිවෙක් නැතුවා වැනි විය. මා සේවය කල ආයතනයේ එම අධ්‍යන වසර සදහා මා වෙතට නියමිතව තිබූ අවසන් දේශනය අවසන් කල විගස ඇය සේවය කල ආයතනය වෙතට යන්නට මට අවශ්‍ය විය. ඒ වෙත ගිය මා ඔවුන්ගේ විවේකාගාරයේදී ඇයව හමුවිය හැකි බවට දැන්විනි. ඔවුනගේ විවේකාගාරයේ කවුලුවක් අසලවූ අසුනකට ව ඇය සිටියාය. මාදුටු විට යාන්තමින් සිනාසුනු ඇය “මට ටිකක් හිසරදේ වගෙයි. විවේකයක් ගත්තිත් හොඳයි කියා සිතුනා” ඇය පත්ව ඇති සබෑතත්වය වසන් කරන්නට අසාර්ථක උත්සාහයක යෙදිනි. “ඔබට හොඳයි කියා සිතනවානම් අපි එලියට යමු”. තප්පර කිහිපයක් කල්පනා කල ඇය කල ඇය තම ටැබ් පරිගණකය ඔස්සේ අදාල අයැදුම ආයතනය වෙතට යොමු කලාය. වසරක් පුරාවට බොහෝ දේ කථාකරමින් මේ නගරයේ අපූර්ව පරිසරයන් මත හෝරා බොහෝ ගනනක් ඔබ මොබ සක්මන් කරමින් සිටි අප අතරට හදිස්සියේම තවත් හෝරා සියගනනක් කථාකරන්නට දේ පැමින ඇතුවා සේය. විනාඩි කිහිපයක් දැඩි නිද්‍රාවකින් මෙන් නිහඬව සිටි අප ටැබ් යන්ත්‍රය ඔස්සේ ඇයගේ ඉල්ලීම පිලිගත්බවට පැමිනි ආයතනයේ පනිවිඬය සදහා වූ සිහින් හඬින් අප නැවත පියවි ලොවට පැමිනුනා මෙන්විය.
www.tharuminisa.com