අදාල සමාගම විසින් රට අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් මා විසින් වෙන්කර ගෙන ඇති ගුවන්ගමන් පිලිබදව අවසන් මතක් කිරීමේ කෙටි පනිවිඬ දෙකක් ජංගම දුරකථනයට පැමිනීම අප දෙදෙනාම මදක් නොසන්සුන් කරන්නට සමත්වූවාය. අප හමුවීම ගෙවී ගිය කෙටිකාලය තුල ඔබට දැනුනේ කෙසේ දැයි මට විමසන්නට අවශ්‍ය විය. අප හමුවීම ඔබගේ ජීවිතයට වෙනසක් ගෙනෙන ලද දැයි තහවුරු වන්නේ නැවත හමුවකට මා වඩාත් කැපවන්නට සූදානම් බව දන්වන්නට මට අවශය විය. ” ඇත්තෙන්ම ඒක හරිම අපූරු අත්දැකීමක්. මම ජීවිතය දකිමින් සිටි වපසරිය බොහෝ සෙයින් ඉක්මවා යන සුහඳ කැඳවීමක් ඔබගෙන් ලැබීම පිලිබදව ස්තූතිවන්ත වනවා. මම මෙහෙම කියන්නද ? ඒක බුද්ධිමය අවදිකිරීමක් උනාට නොවඩුව මිනිස් බව තිබීම මට මහත් විසිතුරු ලෙසට දැනෙනවා.. මම දැඩි ලෙස බලාපොරොත්තුවෙනවා අප නැවත හමුවේවි කියලා”. මිනිසෙකුට තව මිනිසෙක් සමග සමුගැනීමක් තාවකාලික කරවන්නට මහත් දිරියක් ඒ වදන් ගෙනෙමින් ඇති බවට මා වෙතට දැනිනි. රාත්‍රී ආහාරය සුපුරුදු අවන්හලෙන්ම ලබා ගන්නට අප තීර්නය කලෙමු. කලක් තිස්සේම එහි ආ ගිය නිසාවෙන් පමනක්ම නොව අප කලකී දෑ සමගද එහි සේවය කල බොහෝ දෙනා සමග වෙතට බොහෝ හිතවත්ව තිබිනි. සරල ආහාර වේලකින් පසුව බිල්පත ගෙවීමේදී මා කෙටිකාලීනව සමුගන්නට සූදානම් බව පැවසීම යුතුකමක් ලෙසට දැනිනි. සාමාන්‍යයෙන් අමුත්තන් වෙතට නොයෙන ඉහල කලමනාකරනයේ මහතෙකු අප මෙසය වේතටම පැමින සුහද සමුගැනීමකට කාරුනික විය. ” මම හිතනවා ඔබ බෙහෙවින් වෙහෙසට පත්වේලා වගේ. මම කුලී රියකින් මගේ ගමන් මලුදෙක රැගෙන ගුවන්තොටුපොල වෙතට යන්නට හැකි වේවි.” තවදුරටත් ඇය වෙහෙසට පත්වනවා වන අකමැත්ත මෙන්ම වඩාත් හැගුම් බර මොහොතක් මග හැරීම මටද අවශ්‍ය විය. “ඒහෙම කිරීමට තරම් මට අකාරුනික වෙන්නට බැරිබව ඔබ නොදන්නවාම නොවේ කියලා මම දන්නවා. අපි ඔබගේ නේවාසිකාගාරය වෙතට ගොස් ඒවාත් රැගෙන ගුවන්තොට දක්වා ඔබව ඇරලවන්නට මට ඉඩ දෙන්න.(61)
www.tharuminisa.com