2016-02-21

පලමු කලාපය -පැරනි නිකුතුවකි-

එය හුදු වෙළඳමය කරුනක්ම නොවේ. ඉන් ඔබ්බට ගිය අපූරත්වයක්ද එය සතුය. විටක අමානුශිකම මුහුනු වරක් දක්වා චලනය විය හැකි වෙළඳ ස්වභාවය මග හැරීම ඉන් අදහස් නොවේ. දශක කිහිපයක් ඔස්සේ හැදී වැඩී මිනිස් නිර්මානශීලී බවේ දිදුලන සංකේතයක් බඳු තොරතුරු විෂය සමග තවත් අපූරුතම මිනිස් කලාවක් වන ප්‍රකාශන කලාව එකට හමුවන මායිමකට වන්නට වන තොරතුරු ගොනුවකට උත්සාහ කරන්නට ලැබීමම සිත ප්‍රබෝධමත් කරවන අත්දැකීමකි.
මෙම විෂයන් සමග ගැබුරින් වන දේශපාලනික , ආර්ථික ආධිපත්‍යයන්  අමතක දැමෙන්නට තරම් හැගීම් බර නොවිය යුතු මුත් ජාතියක් ලෙසට එවා අත්පත්කර ගන්නටනම් වෛරී ගෝත්‍රික ප්‍රතික්ශේප කිරීම් වලින් පමනක් නොහැකි වනු ඇත. ගෞරවනීය මෙන්ම විවෘත බුද්ධියකින් ඒවා වෙතට සමීපව හදාරමින් එම විෂයන් ඉදිරියට තල්ලුකල හැකි හෙට දවසක් සදහා සූදානම් වීමෙන් පමනක් එය කල හැකිවෙනු ඇති බව මම සිතමි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...