Microsoft ආයතනය මේ වන විට තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති පෙලෙහි මීලග සංස්කරනය එනම් Windows 10 නිල ලෙසට නිවේදනය කර අවසන්ය. පැමින ඇති බොහෝ නව features මේ වන විටත් භාවිතාකරන්නන් අතරට නිල මෙන්ම නොනිලව පැමිනි පෙර සංස්කරන ඔස්සේ දැනුවත්ව තිබෙන ඒවා වන අතර ඉන් කිහිපයක් පමනක් පලමු වරට වරට දක්නට ලැබෙන ඒවා ලෙසට දක්නට ලැබේ. පලමු කාරනයක් වන්නේ Windows 10 නව මෙහෙයුම් පද්ධතිය Windows 7, Windows 8, Windows Phone 8 වල සිට නොමිළේ upgrade හැකියාවෙන් යුත්ත වීමය. මීට අමතරව Continuum, එනම් සාම්ප්‍රධායික කීබෝර්ඩය සමග හෝ ස්පර්ශක තිරය සමග භාවිතා වෙමින් තිබේද යන්න ස්වංක්‍රීයව හඳුනාගැනීමේ හැකියව, අවශ්‍ය විටකදී පූර්නතිරය පුරා විහිදවාලන්නට හැකි නව start menuව, නව UI වලින් සමන්විත Action Center, Notification Centerද දක්වනු ලැබුවා. බලාපොරොත්තු වූ පරිදිම Cortana එනම් digital personal assistant හැකියාවද එහි වන අතර desktop භාවිතාකරන්නන් වෙතට එය අපූරු භාවිතාවක් ගෙනෙනු ඇති බවට පොරොන්දු වෙමින් තිබෙනවා. “hey Cortana” විධානය සමග ඇරබෙන මෙම හැකියාව සමග web සෙවුමක්, appointments යොදා ගැනීමක්, reminders සටහන් කරගැනීමක්, check calendars ඇතුලු බොහෝ හැකියාවන් වන බවට පැහැදිලි කෙරෙනු ලැබුවා. එයට “Cortana show me photos from December” වනි ස්වාභාවික මට්ටමේ විධානයක් මෙන්ම written commandsද හඳුනා අගැනීමේ හැකියාව සමග app එකක් සෙවීම email එකක් සටහන්කර යැවීමට වන හැකියාව පැහැදිලි කෙරෙනු ලැබුවා. Windows 10 device අතර පහසුවෙන් ගලයන app භවිතාවක් ගෙනෙන Universal Apps හැකියාව , Project Spartan සමග අඩු බරැති නව බ්‍රවුසර භාවිතය මෙන්ම සියලු නව අනු සංස්කරන සදහා පැමිනෙන DirectX12 හැකියාවද ප්‍රදර්ශනය කෙරෙනු ලැබුවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...