ටිබෙටියානු මිතුරා මද විරාමයක් අනතුරුව පැහැදිලි යෝජනාවක් කරන්නට උත්සාහ කලහ. "මම හිතන්නේ ඔබ යෝජනා කරන්නේ වසර සිය දහස් ගනනක් පැරනි අපේ සංස්කෘතික ආකෘතිය තවදුරටත් ප්‍රායෝගික නැති බව වෙන්නට ඔනෑ. වඩාත් පැහැදිලිව කිව්වොත් ජීවවිද්‍යාත්මක හා ප්‍රාතමික සංස්කෘතීන් මුලික ආකෘතියක සිට අපට අවශ්‍ය වෙලා තිබෙනවා වඩාත් සංකීර්න දියුනු ආකෘතියක් කරා යන්නට. කොටින්ම කිව්වොත් වඩාත් දියුනු මානසික තලයක සිට ක්‍රියාත්මක වන අවට ලෝකය මීට වඩා සාර්ථකව පාලනය කරන මිනිසෙක් නිර්මාණය කර ගන්නට." ඔහුගේ විමසිලිමත් බැල්ම අපගේ දෙබස දිගේ වඩාත් ගැබුරට යන්නට මට ආරාධනවක් සේය. "මමත් හිතනවා., මට මතකයි වරක් අපේ හැදෑරුම් ආයතනයට පැමිනි සංචාරක දෙශකයෙකු මතුකල අපූරු අදහසක්. ඔහු කියනවා පාලනය කිරීම ඔස්සේ පරිසරයෙන් අපට එන බොහෝ ගැටලු වලට පලමු හේතුව තමයිලු ඒව හරිම ප්‍රාතමික විදිහට පාලනය කරන්නට උත්සාහ කිරීම. මම හිතනවා මේ ගැමියෝ වගේ විය යුතුයි කියලා. ඔවුන් පරිසරය සමග ගැටෙනවා වෙනුවට සහයෝගයෙන් කටයුතු කරනවා. හරියට පෘතුවි ජීවදාමයේ ඉහලින්ම සිටින ජීවියා තමා උනාට ඒ ගැන වැඩිය ආඩම්බර නොවෙනවා වගේ ස්වභාවයක් ඔවුන් තුල තිබෙනවා. ඇත්තෙන්ම ඔවුනුත් තම පරිසරය වෙනස් කරනවා තමයි. හැබැයි හරිම සංයමයකින්. එරෙහිව නොවෙයි සහයෝගයෙන්. හරියටම කිව්වොත් ගැමියා කියන වචනයට පවා නව අර්ථයක් ඔවුන් ඇසුරේදී අපට අලුතින් සොයා ගන්නට සිදුවෙනවා". අප සටහන වඩාත් අර්ථවත් තලයකට කැඳවන්නට අවශ්‍ය ප්‍රධාන කරුනු බොහොමයක් රැස්ව ඇති බව පැහැදිලිය. ඇයගේ අපූර්ව සහයෝගය උනන්දුව සමග යලිත් උද්‍යානය, නගර කෙරවලේ වන කඳුමුදුනත, අවන්හල වැනි මිත්‍ර පරිසරයන් වඩාත් නිර්මාණශීලීව මේ සටහන් තබ අවසන් කරන්නට අපට සහය වනු ඇත. (By Pubudu Siriwansa)
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...