කඳු මුදුනත වන මාවත ඔස්සේ අප නිහඬවම බොහෝ දුරක් ඇවිද ගියෙමු. බටහිර බෑවුම පාමුලින් ගලා යන ගංගාව පැහැදිලිව පෙනෙන ඉසව්වක නතරව මදක් ගිමන් නිවන්නට නොදොඩාම එකගව ඇතීවාක් සේ අප පසකින් වූ ගල් තලාවක අසුන් ගතිමු. "සංස්කෘතිය කියන්නේ මිනිසුන් නිර්මානය කර ගතපූරුතම දෑ කියල කිව්වොත් මම හිතන්නේ හරි. සමහර වේලාවට ජීවිතය අර්ථදැක්වීමේ ඉදලා සියලුම කථාන්දරයන් නිර්මානය වීමේ පසුබිම මෙතැනය කියලා අපිට පිලිගන්නට වෙනවා ආගම්වාදී නැතිනම් දේශපාලනවාදී මතවාද ගෙනෙන්නන් මොනවා කිව්වත්" මම මද විරාමයක් තබා ඔහුගෙන් ප්‍රථිචාරයක් බලාපොරොත්තු වුනෙමි. ඔහුගේ නිහඬ බව මා වෙත දෙබස ඔස්සේ ඉදිරියට යන්නට ආරාධනාවක් විය යුතුය. "ඉතින් උපතක ඉදලා විපතක නැතිනම් ගොඩ නැගීමේ ඉදලා නැවත බිඳ වැටීම දක්වා වන පුද්ගලයා කියන ශක්තිචලනයෙන් පරිසරයට වන ගනුදෙනුව තීර්නය කරන මේ සංස්කෘතිය කියන ප්‍රේම් එක නිවැරදිව පිහිටා නොතිබීම සකල විද ගැටලු නිර්මානයට පලමු පදනම වෙනවා. ඒ අතින් මේ සංස්කෘතියට පුලුවන් වෙලා තිබෙනවා අපූරු කලමානාකරනයක් මෙහිවන ජීවිතවලට ගෙන්න්නට. දියුනු කියලා අප විස්වාස කරන සංස්කෘතීන්වල ඒ දියුනුවම කියල අප හඳෞනා ගන්නා ලක්ෂන නිර්මානය කර ගන්නට මෙන්ම රැක ගන්නම මේ සංහිදියාව කඩා දැමීමේ කොන්දේසිය ඉහලින්ම පවතිනවා කියලා මම දකිනවා." ටිබෙටියානු මිතුරා නිහඬය. පහතින්, දුරින් පෙනෙන නිසලව ගලා යන ගංගාව මතුපිට ඉදහිටක මතුවෙමින් සෙමින් මැකීයන පැහැදිලි අපැහැදිලි දියරල ඔහුට භාවනා නිමිත්තක් දී ඇතුවා සේය.
Pubudu Siriwansa