2013-12-07

මයික්‍රසොෆ්ට් 'ZeroAccess' බොට්නෙට් ජාලය අඩපන කිරීම නිවේදනය කරයි!!!!

  මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ මේ වන විට 'ZeroAccess' ලෙසට නම් වන ප්‍රකට බොට්නෙට් ආකාරයේ නොහොත් ආසධිත පරිගණකයන් මිලියන දෙකකින් සුසැදි පරිගණක ජාලයක් අඩපන කර දමන්නට තමන් සමත්වූ බවයි.ආඅතනය පවසන්නේ  සෙවුම් යන්ත්‍ර භාවිතාවන් වලදී භාවිතාකරන්නා මුලා කරමින් ව්‍යාජ වෙබ් අඩවි වෙතට භාවිතාකරන්නා ‍රැගෙන යමින් ඒවායේ වන වෙළඳ දැන්වීම් අවදි(Click) කරවා ගැනීම මූලිකව හානිකර ක්‍රියාවන් බොහොමයක් සදහා මෙම ජාලය ක්‍රියාත්මකව තිබුනු බවයි.FBI ඇතුලු ආරක්ශක ආයතනයන්ගේ සහය ඇතුව සිදුකල මෙම මෙහෙයුම නිසා මාසිකව ඩෝලර් මිලියන 2.7ක අනවසර ඉපයීමක් කරන්නට සමත්ව තිබූ ව්‍යාජ ව්‍යාපාරය දෛනිකව පරිගණක 80000 ක සහයෙන් සිදුකල මෙම අනවසර ක්‍රියාව අවසන් කරන්නට සමත්ව ඇති බවයි.ආයතනය පවසන්නේ සම්පූර්නයෙන්ම එම ජාලය බිඳදමන්නට මද කාලයක් අවශ්‍ය වන්නේ එහි ඇති සංස්කීර්න ගොඩ නැගීම නිසා බවයි.ඉතා සූක්ශම මෙම හානිකරයන් විසින් එය පරිගණකයෙන් ඉවත්කරන්නට ඉඩ නොදෙනවා සේම තවත් හානිකරයන්හට පරිගණකය වෙතට පිවිසෙන්නට සහයවීමද කරමින් සිටි බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...