2013-12-06

රූපවාහිනී පරිගණකයක් එලබෙන ජනවාරියේ!!!

  සාමාන්‍ය භාවිතාව තුල තවමත් ප්‍රධාන තිරය වන්නේ රූපවාහිනිය බව හදාරන්නගේ මතයයි. ගෙවී ගිය දශක කිහිපය තුලදීම නොයෙකුත් ආයතන තුල මෙම නිවසේ ප්‍රධාන තිරය පි‍ටුපසට පරිගණකය ගෙනෙන්නට ගත් උත්සාහයන් එතරම්ම සාර්ථා ලෙසට අවසන් නොවීම විටින් විට දක්නට ලැබුනු සිදුවීමක් වූවා. බ්‍රිතාන්‍ය මූලිකව ක්‍රියාත්මක වන ආයතනයක් වන  PiixL Jetpack  ආයතනය මේ වන විට නිවේදනය කර සිටින්නේ තමන් ෆ්ලැට් රූපවාහිනී තිරය පි‍ටුපසට පරිගණකය ගෙන ඒමේ තාක්ශනික කාර්යභාර්ය ඉ‍ටු කරන්නට සූදානම් බවයි.රූපවාහිනියේ පි‍ටුපස කවරය මත සිහින්ව සූදානම් වන පරිගණකය සවිකරන්නට තමන් සමත්ව ඇති බවට පවසන ඔවුන් සමස්ත උපාංගයේ සිහින් බව ‍රැකෙන පරිදි එය ඉ‍ටු කරන්නට තමන් සමත්ව ඇති බවටයි පවසා සිටින්නේ. core i7 ප්‍රොසෙසරයක් සමග ටෙරා බයිට එකක SSD මතකයක් මෙන්ම NVIDIA Titan ග්‍ර‍ෆික් හැකියාවකින් සමන්විත්ව පැමිනෙන මෙම උපකරනය එලබෙන ජනවාරියේ ඩොලර් 1000ක මිලක් සහිතව වෙළඳ පොලට නිකුත්කරන්නට බලාපොරොත්තුවන බවටත් පවසා සිටියා.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...