2014-02-05

Bikini හැඳි කාන්තාවන් Facebook වලදී ඔබ ‍රැවටිමට බලා සිටී!!!

  වෙබ් පහර දෙන්නන් කලින් කලට තම  ඉලක්ක සපුරා ගන්නට යොදා ගන්නේ විවිධ ක්‍රම වේදයන්ය. විටක තාක්ශනික දුර්වලතාවයක් ඔස්සේ ක්‍රියාත්මක වන ඔවුන් තවත් විටක මිනිස් ස්වභාවයන්ගෙ දුර්වලතා යොද ගනී. පලවන නවතම Facebook භාවිතාකරන්නන් ගොදුරු කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙසට සටහන් වන්නේ bikini වලින් සැරසුන කාන්තාවන් පිරිසක් ‍රැගැත් ඡායාරුවක් ඔස්සේ වැඩි දුර තොරතුරු සදහා පිවිසීමට Click මෙහෙයුමක් ඔස්සේ පිවිසෙන්නට පෙලබවීමක් කිරීමයි. භාවිතාකරන්නේකු මෙම පෙලබවීම ඔස්සේ පිවිසුන විට තවත් Facebook පි‍ටුවකට යොමු කරවන අතර එහි වීඩියෝවන් සහිත වීම බොහෝ විට සිදුවන බවටයි පැවසෙන්නේ. පලමු Click කිරිමත් සමගම ඔබගේ පෞද්ගලික පි‍ටුවෙහිද එම පලවීම සිදුවන අතර ඔබගේ මිතුරන් අතරටද එම සබදතාවය ගලා යන්නට පටන් ගැනීම මේ අතර තුර සිදුවෙයි. එම වීඩියෝවන් අතර විවිද පලකිරීම් ඇති අතර විටක සත්ව-උද්‍යානයකදී නාගයෙකු විසින් මිනිසෙකුට පහර දෙන ආකාරය වැනි අවධානය ගන්නා සුලු ඒවා වන තර එම පිවිසීම් සමග භාවිතාකරන්නාගේ Facebook ගිනුම හෝ ඔහුගේ පරිගණකය ආසාධිත වීම සිදුවන බවටයි හෙලිවෙමින් ඇත්තේ. සයිබර් ආරක්ශාව පිලිබදව හදාරන්නන් අවධාරනය කරමින් සිටින්නේ ෆේස්බුක් ආයතනය එහි ආරක්ශාව පිලිබදව මීට වඩා වැඩි අවධානයක් අවශ්‍ය බවකි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...