සමාජ ජාලා භාවිතාව ලෝකයට ප්‍රායෝගිකව හදුන්වා දෙන්නට පුරෝගාමියා ලෙසට පිලිගැනෙන Facebook වෙතින් පසුගිය සතියේ නිකුත්වන වාර්ථාවක් පවසන්නේ ගෙවී ගිය වසරේ දෙසැම්බර් වන විට තම අඩවිය සතුව දෛනික භාවිතාකරන්නන් ප්‍රමානය මිලියන 757ක් ලෙසට ගනනය වන බවයි. වසරින් වසර සැලකීමේදී එම ප්‍රමානය ඉහලයාම සියයට 22ක තිබෙන බවටයි වැඩි දුරටත් එහි දැක්වෙන්නේ. එසේමුත් ඔවුනගේ තවත් තොරතුරු නිකුතුවක් වන earnings repor වලට අනූව පැවසෙන්නේ බිලියන 1.3ක දෛනික භාවිතාකරන්නන් පිරිසක් තමන් සතුව සිටින බවයි. එසේම එම වාර්ථාවට අනූව මිලියන 945ක් Mobile මට්ටමේ භාවිතාකරන්නන් බවටත් පවසන්නට ඔවුන් කටයුතු කර තිබුනා. හදාරන්නන් මෙම වාර්ථා උපුටා දක්වමින් පවසන්නේ ෆේස්බුක් ආයතනය තමන්ගේ සැබෑ භාවිතාකරන්නන් ප්‍රමනය හෙලිනොකරන්නට කටයුතු කරමින් සිටින බවයි. කෙසේ මුත් Facebook ආයතනයේම පලකිරීම්වලට අනූව මෙම මාසික සංක්‍රිය භාවිතාකරන්නන් අතරින් 4.3% - 7.9%ක් එක් ගිනුමකට වඩා තම අඩවිය තුල පවත්වාගෙන යන්නන් බවට පවසා සිටිනවා.එසේම මෙම ප්‍රමානය අතරින් 0.8-2.1% ප්‍රමානයක් misclassified ආකාරේ එවා වන බවට දක්වන අතරම Facebook වල terms of services උල්ලංගනය කරමින් spam යැවීමට නැතිනම් malicious links හෝ හානිකර content සහිත ඒවා බවටත් පවසා සිටිනවා.සමස්තයක් ලෙසට Facebook වල පවතින ගිනුම් වලින් 5.5% සිට 11.2%ක් අතර ප්‍රමානයක් වය්‍යාජ ගිනුම් ලෙසට ගැනෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...