2014-10-29

"බොහෝ සංස්කෘතීන් වල දක්නට ලැබෙන ආකාරයේ අපූරුවට ගෙතුනු කථාන්දර ඒ පිලිබදව ඔවුන් සතුව නැහැ"..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (42)

  "මට ඔබට අර ගම්මුන් ගැන කථාව සම්පූර්න කරන්නට බැරි උනා. මම ගොඩාක් උත්සාහ කලා ඔහු ගෙන දැන ගන්නට ඔවුන්ගේ මතයේ හැටියට ඔවුන්ගේ සංස්කෘතිය කිසියම් වැඩි නැතිනම් වෙනස් දැනුමක් ලබා ගත්තානම් ඒක සිදුවුනු හැටි පිලිබදව ඔවුන් අතර වන මූලාශ්‍ර ඒ පිලිබදව දැන ගන්නට. පෙනුනු ආකාරයට බොහෝ සංස්කෘතීන් වල දක්නට ලැබෙන ආකාරයේ අපූරුවට ගෙතුනු කථාන්දර ඒ පිලිබදව ඔවුන් සතුව නැහැ. හැබැයි තැනින් තැනින් වන  තොරතුරු පමනයි තිබෙන්නේ. විශේෂයෙන් පිට සක්වල යානාවන්ගේ පැමිනීම් වගේ කිසිම සටහන් ඔවුන් තුල නැහැ. ඔවුන්ට අනූව ඔවුන්ගේ මේ පරිසරය හා ඔවුන්ගේ ජීවිත අතර මහත් සම්බන්දතාවයක් තියෙනවා. ඔවුන් තදින් විස්වාස කරනවා මෙම ආශ්‍රමය පැමිනීමහ් අපූර්වමුත් තාර්කිකව අපැහැදිලි සිදුවීමක්  බව. මොකද මෙම දහමේ බාවිත රටාවල් හා ඔවුනගේ විස්වාස රටාවල් අතර ඒ තරම් සමානකම් සමාන කම් තිබුනේ නැතිලු. හැබැයි වඩාත් අපූරුතම දේ නම් ස්වාමීන් වහන්සේ නමක් මෙහි පලමුව පැමින මෙම ආශ්‍රම කන්දේ ලැගුම් ගන්නා විට ඊට විරුද්ද වන්නට තරම් කාරනාද ඔවුනට තිබුනේ නැති වීමලු. ඔහුට අපැහැදිලිව උනත් කියන්නට උවමනා වූ දේ තමයි මේ දහමේ මතුපිටින් පෙනෙන නෙක සිරිත් විරිත් සංස්කෘතික ලක්ෂන වලට යටින් ඔවුන් අතරවූ පිලිගැනීම් අතර හොඳ සංහිදියාවක් පැවති බව. මට තේරුනා ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය වඩා මහා අරුමෝසම් දියුනු යැයි අපි විස්වාස කරන උපකරන නොතිබුනාට මහත් දියුනු භාවිතාවක් රාශියක් තිබෙනවා අපේ සාමාන්‍ය සංස්කෘතික වටිනා කම් ඔස්සේ නොමැනෙන. මම හිතන්නේ හොඳම වෙඩේ තමයි අපි හෙට අනිද්දාවකම ඒ ගම්මානය  පැත්තේ ගිහිල්ලා කිහිප දෙනෙක් හමු වෙන්නට බලමු. ඔවුන්ගේ වගා බිම් පැතිවල ටිකක් ඇවිදලා බලමු. එහෙම හොඳයි නේද?" 
Pubudu Siriwansa

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...