2014-10-31

London පොලීසිය අනාගත අපරාධ කරුවන් ගැන පෙර නිගමනයකට තොරතුරු තාක්ශනයේ පිහිට ලබයි.

  London පොලීසිය පවසන්නේ තමන් අපරධයයකට පෙලබීමට පුද්ගලයෙකු සතු වැඩි සම්භාවිතාව ඔස්සේ ඔහු පිලිබදව පෙර නිගමනයකට පැමිනෙනට සහය වන ක්‍රමවේදයක් අත්හදා බලමින් සිටින බවකි. මෙම predictive technology ඔස්සේ වැඩි පුරම අවධානය  යොදවන්නේ කන්ඩායම් අපරාධ කරුවන් වෙතට බවටයි විස්තර වන්නේ. පෙර හැසිරීම් වාර්ථාවල සිට සමාජ ජාලාවල දැන් හැසිරීම් වැනි පුලුල් පරාසයක් ඔස්සේ දිවෙන තොරතුරු හැදෑරීමක් මෙම දියුනු කරමින් ඇති මෘදුකාංගය හරහා සිදුවන බවටයි  දැක්වෙන්නේ. මෙම ක්‍රියාවලිය දැනට දඩුවම් ලබමින් සිටින අයෙකු නිදහසින් පසුව නැවත අපරාධයකට පෙලබීමට ඇති අවස්ථාව පිලිබදව කෙරෙන හැදෑරීමකට සාමාන බවටත් පැහැදිලි කරනවා. මේ ක්‍රියාවලිය වෙතට පෞද්ගලිකත්වය හා පුද්ගල අයිතීන් සු‍රැකීම වෙනු වෙන් කටයුතු කරන කන්ඩායම් වලද අවදානය ලබමින් තිබෙන බවටයි වැඩි දුරටත් වාර්ථා වන්නේ.

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...