2014-10-16

ඇල්ගොරිතමික මට්ටමේදී බොහෝ වෙබ් සේවා ඔබ හිතැති නොවේ!!!

  ඔබ සමාජ ජාලාවට පිවිසෙයි. ඔබගේ ගිනුමට ඇතුලු වන ඔබ නෙක ආකාරයේ මිතුරන්ගේ විවිධ පලකිරීම් අතර සරමින් විටක ඒවාට පිලිතුරු සපයමින් මෙන්ම තවත් විටක ඒවාට තම කැමත්ත පලකරමින් ආදී විවිධ ප්‍රථිචාර පලකරමින් විනෝදය මෙන්ම විටක දැනුම බෙදා හදා ගනිමින් කාලය ගත කරනු ඇත. විටක මෙම තත්වය ඇබ්බැහියක් බවට පත්වන තරමට කෙනෙකුගේ ජීවිතය තුලට පැමින තිබෙනුද දකින්නට හැකිවේ. මේ විවිධ වර්නවත් කථාන්දරයක එක් මුහුනුවරක් පමනී. සමාජ ජලා පමනක් නොවසෙයුම් යන්තර පමනදු නොව බොහෝ වෙබ් සේවා සපයන ආයතනයන් සමග දිග හැරෙන මෙම කථාන්දරයේ අනෙක් ස්වරූපය වන්නේ ඔවුනගේ වෙළඳ ඉලක්ක කරා ඔබව පාලනය කරන බවයි. සමහර විටක සමාජ ජාලාවේ ඔබේ නිවෙස් පි‍ටුවට එන්නේ ඔවුනගේ වෙලඳ අවශ්‍යතාවයන්ට වඩාත් සහය දක්වන පලකරන්නන්ගේ තොරතුරු වීම සිදුවිය හැක්කකි. විටක මෙම පාලනය වෙළඳ සීමාවන් ඉක්මවමින් දේශපාලනික මුහුනුවරයන් කරාද පැමිනෙන බව කලින් කලට හදාරන්නන් හෙලි කරනු දක්නට පුලුවන.
                                              වෙබ් අවකාශය තුලදී පමනක් නොව හුදකලා පරිගණකයේ ගමන් මග තීර්නය කරන්නේ Algorithm මගිනි. එය මෘදුකාංගයක් වුවද වෙබ් සේවාවක් වුවද එහි ගලා යාමේ රටාවේ මුල් පිටපත මෙම ඇල්ගෝරිතමයන් විසින් නිර්මානය කර දෙනු ලබයි. හදාරන්නන් යෝජනා කරන්නේ බොහෝ වෙබ් සේවාවන් තුලදී භාවිතාකරන්නන සිතා සිටිනා පරිදි සද්භාවයෙන් ඔවුනගේ සතුට හෝ යහපත සදහාම මේවා නිමව නොතිබීම මෙම මට්ටමේදී තීර්නය වන බවයි. එම ආයතනයේ වෙළඳ අවශ්‍යතා වඩාත් සපුරන ආකාරයට එවා නිමවන්නේ බාහිරින් භාවිතාකරන්නගේ විස්වාසයද නොබිදෙන ආකාරයට බව ඔවුන් පැහැදිලි කරයි. 
                                               Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...