2014-10-30

අප ආපසු එමින් සිටියෙමු....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (44)

    අප ආපසු එමින් සිටියෙමු. දැඩි මිහිදුම් වැනි ගතියකින් අප මද හුදකලා බවකට පත්කර තිබිනි. කිසිදිනක අප දෙබස් අතර නො එන ලද මාතෘකාවක් පැමිනෙන ලදී. "ආදරය ගැන මොනවද  හිතන්නේ?". බලාපොරොත්තු නොවන එම ප්‍රශ්නය එක වරම සිත කැලබුවා වැනි විය. "මම හිතන්නේ...." මා අපහසුතාවයකට පත්ව ඇති බව වැටහුනු නිසාදෝ ඇය යලි සහය පලකලාය. "මම බලාපොරොත්තු උනේ සරල පිලිතුරක් පමනයි". ඇය පැවසුවාය. "ඒත් මට දැනෙන්නේ ලොකයේ තියෙන බරපතලම ප්‍රශ්නයක් අහලා ඒකට ලෝකයේ තියෙන සරලතම පිලිතුර බලාපොරොත්තු වනවා වගේ දෙයක්." මගෙ පිලිතුර මදක් තියුනු වීදැයි සැකයක්ද සිත තුලට පැමිනිනි. "ආදරය කියන්නේ ජීවිතය බෙදා ගන්නට වන එකගතාවයක් වගේ දෙයක් කියලා කිව්වොත්" මා ගැටලුව ඈ දෙසට පෙරලා යොමු කලෙමි. "හැබැයි ඒ එකගතාවය මහා බරපතල තාර්කික බවින් පිරිච්ච එකක් නම් නොවෙයි. කැපවීම් පරිත්‍යාග වැනි මිනිසුන් අතර විය හැකි අපූරුතම වගේම සුන්දරතම අත්දැකීමක් කියලා මම හිතනවා. මට තව දුරටත් පැහැදිලි කරන්නට අවශ්‍ය විය." හිතන්න මට ලැබෙන්නේ මොනවාද , කොච්චරද  වැනි බලාපොරොත්තු වලින් සැදුනු මිනිස් සබදතා වර්ග අතර තියෙන අපූරුතම මේ සම්බදතාවයෙදී මම අනෙකා සමග බෙදා ගන්නේ මොනවාද නැතිනම් අනෙකා වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ මොනවාද වගේ අපූරු මානුෂික තලයක දෙයක් පැවතීමම මොනතරම් වටිනවාද?" මම විවෘතව අදහස් පල කරන්නට වීමි. "මම හිතන්නේ ඔබට ඒ ගැන හොඳ අත්දැකීම් ඇති" මද සිනාවක් සමග දෙබස ඉදිරියට මෙහෙය වන්නට ඇයට අවශ්‍යව ඇතුවා සේය. ගෙවී ගිය කාලය තුල එය අමතකව තිබුවාක් බව මම ඇයට පැහැදිලි කලෙමි. නිරන්තරයෙන් නෙක හැදෑරීම් කාරනා සමග ගෙවී ගිය කාලය ඒ බව අමතක කර දමා තිබිනි. සමහර වෙලාවට දහස් ගනනක් අතර දැඩි හුදකාලා බවකින් වෙලී ගොස්ව සිටි කාලයද මම ඇයට පැහැදිලි කලෙමි. කඳු මුදුනතට පැමිනෙන විට සැහැල්ලු ආහාරට යමක් මෙන්ම පානය සදහා යමක් ගෙන ඒම සිරිතක්ව පැවති අතර ඒ සියල්ල බහාලන ගමන් මල්ල දෙවුරේ දරාගෙන කඩිසර ගමනින් මා සමග පියවර නගන ඇය දෙස හො‍රැහින් බලන්නට මට අවශ්‍ය විය.
              Pubudu Siriwansa

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...