වලාකුලු බැරැති නොවූ අහස සැදෑව ගෙනෙන්නේ වඩාත් සෙමින්ය. ආපසු ආගන්තුක කුටියට පැමිනෙන විටත් මග හොදින් පෙනෙන තරමේ ආලොකය වීම සහනයක් විය. සීතල බව වෙතින් වෙගයෙන් පලා යන්නට අවශ්‍ය නොවීම අපගේ මිතුදම ඔස්සේ පැමිනි තවත් පුරුද්දක් වූවැයි මට සිතේ. සමහර සැදෑවන් වල නගර අන්තයේ වූ කදුමුදුනතට වී අප ගතකල ශීත අධික සැදෑවන් අපූර්ව දෙබස් වලින් උනුසුම්ව පැවතින. අප හමුවීමට පෙර කාන්සියද සමග උනුසුම් වන්නට කුඩා මධුවිතකට පුරුදුව සිටියද අප හමුව ගතව ගිය දින දෙක තුනක් තුලදී එය සම්පූර්නයෙන් අමතකව ගියේය. මිනිසෙලුට තවත් මිනිසෙකු සමුවීම මෙතරම් තීරනාත්මක වෙතැයි කවරදාවත් මා විස්වාස නොකලෙමි. "අපූර්ව පද පෙලකට ගොඩ නැගුනු විස්මිත තනුවක පරිද්දෙන් අප මිත්‍රත්වය වඩාත් නිවැරදිව හා ශූක්ෂමව ගොඩ නැගෙමින් ඇත" වරක් සැදෑ හමුවකට පසුව දින සටහන් කරන්නට මා පෙලබුනේ නිතැතිනි.
"මම හරි ආසයි සාමන්‍ය මිනිසුන් ජීවත් වන විදිහ දකින්න, මම කියන්නේ මමත් සාමාන්‍ය මිනිසෙක් උනාට ඔවුන්ගේ නෙක ආකාරයේ වෙනස් කම් දකින්න, මම වරක් පැහැදිලි කලෙමි. එලබෙනසති අන්තයේ අපෛ අර කඳුයායට සාමාන්තරව විහිදෙන ගම්මානය පැත්තේ ඇවිඳින්නට යමු. මම විතර පැහැදිලි කර දෙන්නම්. පෙර සූදානම්ව සිටි පරිද්දෙන් ඇය සැලසුම් කලේය. වෙනස් සංස්කෘතික රටාවල් ඔස්සේ දෑ සිදුවන ආකාරය දකින්නට මා කවදත් කැමතිව සිටි අයෙකු වූවාය. දවසක් පුරාවට එදින අප විශාල ප්‍රදේශයක් පුරා ඔබ මොබ ඇවිදින්නට එය අවස්ථාවක් විය. එහි වූ සංස්කෘතික මධ්‍යස්තානයකටද ගොඩව ඔවුන් සතුව තිබූ අපූරව ආවේනිකකම් හඳුනා ගන්නට එය ආවස්ථාවක් කර ගතිමු. නිදහස් බව එම ජීවිතවල තේමාවක් බදූව දැඩිව කැපී පෙනුනි.
Pubudu Siriwansa