2014-10-25

සක්මන් වන දැනුම් පරාසය අනූව අප දෙදෙන ගුරුන් හා සිසුන්ගේ කාරයභාරයන් බෙද හදා ගනිමින් කටයුතු කර ගනිමින් සිටියෙමු....(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (39)

    ඒ ඒ අවස්ථාවේ සක්මන් වන දැනුම් පරාසය අනූව අප දෙදෙන  ගුරුන් හා සිසුන්ගේ කාරයභාරයන් බෙද හදා ගනිමින්  කටයුතු කර ගනිමින් සිටියෙමු. එදින ක්ශුද්‍ර ජීවීන් විශේෂයක ඇසුරින් දත්ත රදවන ආකාරයක් ගැන සිදුකල සාර්ථක පර්යේක්ශනයක් පිලිබදව ඇය මා වෙත තොරතුරු පැහැදිලි කරමින් සිටියෙමු. හෝරා තුනක් හෝ හතරක වෙහෙසකර උත්සාහයකින් අනතුරුව අපගේ සටහන් පෙලෙහි වඩාත් සාර්ථක පරිච්ඡේදයක් අවසන් කරන්නට සමත් විනි. සැකසුරුවම් එකියක  ලෙසට ඇය ම්වේසය මත විසිර තිබූ නෙක සටහන්, පොත් පත් පිලිවලකට නැවත අසුරා තබන යුරු බලා සිටියෙමි. දිගු සුසුමක් ගත් ඇය "මම ප්‍රශ්නයක් අහන්නද?" මාදෙස බලමින් ඇසුවාය. "ඇයි අපි මේ හැදෑරීමකරන්නේ?" ඇයට දැනගැනීමට අවශ්‍යව තිබූ කාරනය කිහිප විටක්ම මම මගෙන්ද අසාතිබුනක් විය. අප කිසියම් උසස් හැදෑරුම් ආයතනයකට සම්බන්දව ලිඛිත මට්ටමක අරමුනක් මත මෙම හැදෑරුම සැලසුම් කොට නොතිබුනා සේම කිසියම් වෙළඳ සමාගමක අවශ්‍යතාවය හෝ ආර්ථික ඉලක්කයක් ඇතිව එය මත යෙදී නොසිටියෙමු.
                                             "මම මේ දැනුමට කැමතියි" පලමු කාරනය , අනෙක "ඔබ සමග කටයුතු කරන්නට කැමතියි" අවංකව වූ මගේ අදහස් අපැහැදිලි කෙරුවෙමි. "ඊට වඩා ඉලක්කයක් මට නම් නැහැ. ඔබට කැමති තීරනයකට මම කැමතියි. අපි හැදෑරුම් ආයතනයකට හෝ මුද්‍රන උත්සාහයකට යන්නට... ඒක ඔබේ කැමැත්තක්" මම ඇයගේ කැමැත්තට වැඩි අවස්ථාවක් දුනිමි. අප පසුකල දෙබස් අතරින් මා වඩාත් සිත්ගත් එකගතාවයකට ඇය විවෘත විය. "මටත් වැඩි ධනයකට යන්නට හෝ තවත් හැදෑරීම පිලිබදව සහතික බවක් ලබා ගන්නට ලොකු කැමැත්තක් නැහැ. ඔබ කැමතිනම් මේ හැදෑරුම ‍රැගෙන යන්න , මගේ ඒ ගැන කිසිම අකමැත්තක් නැහැ"  ඇගේ සරල හා නො ඇලෙනසුලු සුලු මනස මනස වඩාත් පැහැදිලි විය. අපගේ සමස්ත මිත්‍රත්වයේ අසිරිමත්ම මොහොතක් එය ලෙසට මනස තුලට දැඩිව කිදා බසින බවක් මටම හැගෙන්නට විය.
      Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...