2024-03-09

Windows 12 පැමිනීම 2025 හෝ පසුව..

Microsoft සමාගම මේ වන විට 2024 තුලදී Windows 12 නිකුතුවක් නොවන බවට නිල ලෙසට තහවුරු කර තිබෙනවා.එසේම windows 11 වල මීලග නිකුතුව  “Windows 11 version 24H2” වනු ඇති බවටද පවසා සිටිනවා. මේ අනූව “Windows 11 24H2 යනු මේ වසරේ windows වෙතට පැමිනෙන ප්‍රධාන යාවත් කාලීනය වන අතර එය ඉතා තීරනාත්මක “AI upgrade” එකක් ලෙසටත් හුවා දක්වන්නට ඔවුන්කටයුතු කර තිබෙනවා.Microsoft  සමාගම මේ වන විට තම මෙහෙයුම් පද්ධතිය AI features දෙසට චලනය කරමින් සිටින අතර Windows Copilot ප්‍රමුක අංගයන් මේ වන විටත් නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා. නිල ලෙසට නිවේදනය නොවුනද windows 12 හෝ මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති නිකුතුව 2025 හෝ පසුව බලාපොරොත්තු විය යුතු බවටයි උපකල්පනය වෙමින් ඇත්තේ.
Pubudu Siriwansa
www.Pariganakaya.Com


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...