2024-03-30

ආරක්ශක මෘදුකාංගය

ආරක්ශක මෘදුකාංගයක් යනු ඔබගේ පරිගණකයේ සමස්ථ ආරක්ශාව භාරගන්නා මෘදුකාංගයක් ලෙසට ඔබ තුල උපකල්පණයක් ඇත්නම්  එය ඔබ ඔබගේ ආරක්ශිත බවට එරෙහිව කරගන්නා පලමු අභියෝගය එය වනු ඇත. කිසිදු ආරක්ශක මෘදුකාංගයකට එම වගකීම 100% ක් භාරගන්නට නොහැකි වනු ඇත. එනම් ඔබගේ අවධිමත් බව අත්‍යාවශ්‍ය බව පිලිගැනීම ඔබගේ මනස තුල නිරන්තරයෙන් තබා ගත යුතුය. විශේෂයෙන් ඔබ එම උපාංගය සමග කරන කටයුතු අනූව මෙම අවධානය තීවර කරගැනීම වගකීමක් ලෙසට පිලි ගත යුතුව ඇත. හුඳු විවේක කාලය සමග අන්තර්ජාලය මත ඔබ මොබ සරමින් විනෝදවන්නෙකු ගේ සිට තොරතුරු සොයන්නෙකුගේ භූමිකාවේ සිට දෛනික ඊමේල්, චැට් වනි පහසුවක සිට පෞද්ගලික බැංකු කටයුතු දක්වාත් ඉන් ඔබ්බට ගොස් වෘතීය නැතිනම් ව්‍යාපාරික මට්ටම දක්වාත් ඔබේ පරිහරනය දිවෙන්නේ නම් වඩාත් කල්පනාකාරී වීම, ආරක්ශිත වීම ඉතා වැදගත් වනු ඇත.
     සැබෑවනම් නොමිළේ ලැබෙන ආරක්ශක මෘදුකාංග ප්‍රසස්ථ මට්ටමක ආරක්ශාව නොගෙනීම අප පිලි ගත යුත්තකි. හොඳ මට්ටමක ඉහල සේවාවක් ගෙනෙන ආරක්ශක මෘදුකාංගයක් යනු දෛනික විශාල ශක්තියක් වැයවන  කාර්යයකි. ඔබ ඉතා ප්‍රාථමික මට්ටමක භාවිතයෙන් ඉහලට යන්නේ නම් ඉහල මට්ටමක ආරක්සක මෘදුකාංගයක් වෙතට යාම වැදගත් වනු ඇත. එසේම අව්‍යාජ මූලාංශ්‍ර වලින් එම මෘදුකාංග නිතරම ලබා ගන්නට වගබලා ගැනීමද ඉතා වැදගත් වනු ඇත. එය නිවැරදිව ස්ථාපනය මෙන්ම අවශ්‍ය යාවත්කාලීන ලබා ගනිමින් නිවැරදි නඩත්තුවද වැදගත් වේ. එපමනක් නොව ආරක්ශක මෘදුකාංග කිහිපයක් ස්ථාපනය කර තිබිම වැඩි ආරක්ශව නොව ඔබ අනතුරකට  අත වැනීමක් විය හැක. ඔබ නිරතවන කාරනාවේ බරපතල කමට අනූව backups තබා ගැනීම වැදගත් වන්නේ විශාල කඩාවැටීමකට පසුව එන දෝශාරෝපනයකට වඩා එය ප්‍රායෝගික බැවිනි.
Pubudu Siriwansa
pariganakaya.tech


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...