2024-04-04

Microsoft සහය අවසානයේ Windows 10 සදහා ...

Microsoft සමාගම තම Windows 10 සදහා වන සහය Oct. 14, 2025 වන විට අවසන් කරන්නට මේ වන විට නිල ලෙසට නිවේදනය කර අවසානය. තවමත් ඉතා බහුල භාවිතාවක් ලබමින් ඇති මෙම මෙහෙයුම් පද්ධතියේ එසේ වන්නට ප්‍රධාන හේතුවක් වෙමින් ඇත්තේ ඔවුන්ගේ මීලග මෙහෙයුම් පද්ධති නිකුතුව වෙතට පිවිසෙන්නට දෘඩාංග මට්ටමින්ම අවශ්‍යතා කිහිපයක් සපුරා ලන්නට සිදුව තිබීමය. පෞද්ගලික මට්ටමින් පමනක් නොව ආයතනික මට්ටමින්ද මෙම ගැටලුව අර්බුධයක් තිබෙමින් ඇති අවස්ථවේදී Microsoft සමාගම පවසා සිටින්නේ තම සේවාව සදහා වන සාමාන්‍යය සහය අවසන් වු පසුව ඊලග වසර සදහා වන security updates ලබා ගන්නට  $61 ක ගෙවීමකට යටත්ව හැකි වන බවය. එසේම Microsoft පැහැදිලි කරන්නේ මෙම අයකිරීම organizations සදහා වන අතර පුද්ගල භාවිතාව සදහා අයකිරීම් ඉදිරියේ නිවේදනය කරන්නට නියමිත බව්කි.
Pubudu Siriwansa
Pariganakaya.Tech


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...