මොබයිල් අනන්‍යතා තලය මත තම ස්ථාවරය බලවත්කර ගැනීමට ප්‍රධාන පෙලේ ආයතන යෙදෙන්නෙ ඉමහත් තරගයකය. ගූගල් ආයතනය මයික්‍රසොෆ්ට් 8 සදහහා මෙන්ම වින්ඩෝස් phone සදහා apps නිර්මානය කිරීමේදී ඉතා අලස පිලිවෙතක් අනුගමනය කරනවා සේම මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා HTC ආයතනය වෙත යෝජනා කර සිටියේ ඔවුන්ගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සමග වින්ඩෝස් phone මෙහෙයුම් පද්ධතිය Dual boot ආකාරයට නිමවමින් භාවිතාකරන්නා හට තොරා ගැනීමේ අවස්ථාවක් ඇතිව වෙළඳ පිලට යොමු කරන්නට පියවර ගන්නා ලෙසටය.
මේ වනවිට ගූගල් ආයතනය තම ගූගල් ක්‍රොම් බ්‍රවුසරය ඔස්සේ වින්ඩෝස් 8 තුලදී ඔවුනගේ application ක්‍රියාත්මක කරන්නට හැකි වන පරිදි නව සංස්කරනයක් නිකුත්කරන්නට කටයුතු කරමින් සිටිනවා.එම අත්දැකිම බොහෝ දුරට Chrome operating system වලට සමානව ක්‍රියාත්මක වන බවටයි වාර්ථා පවසන්නේ. හදාරන්නන් පවසන්නේ එය Chrome OS වලට සමාන පෙනුමක ගත්තද එහි වන බොහෝ නම්‍යතාවයන් නව භාවිතාවතුල දක්නට නොලැබෙන බවයි. දැනට එක් ගූගල් ක්‍රෝම් අවසාන සංස්කරනයක් Metro environment තුල ධාවනයට හැකිවන සේ නිකුත්කොට ඇති අතර වඩා පහසුකම් සහිත පෙර සංස්කරනයක්ද නිකුත්කොට තිබෙනවා.