පොත පතකින් කියවූ දැයක් සමග කාල්පනිකව හමුවන ජීවිතය මීට පෙර යුගයේ මිනිසාගේ අපූරතම රස විදීමක්ව තිබිනි.එයත් සමග ඔහුට නිව්යෝක් වීදියක ඇවිද යන්නට මෙන්ම අප්‍රිකානු ඝන වනාන්තරයක වෙසෙන විටක බිහිසුනු විටක ගුප්ත ගෝත්‍රිකයන් හමුවන්නට පමනක් නොව මීර්හුම් පටල ගැවස ගත් උස් කදුවැටි මත ඇවිද යමින් දිව්‍යලොව වෙතට සමීප වන්නටද හැකියාව විය.කියවන වචන ඔස්සේ මනස තුල ඇදෙන සටහන් ඔස්සේ දිවෙන ඒ අත්දැකීම වඩාත් ඔපවත් යතාර්තවත් කරන්නට තොරතුරු ලෝකයටද අවශ්‍ය විය. එහි එක් ගොඩනැගීමක් Second Life නමින් අන්තර්ජාලය ඔස්සේ ඔබවෙත පැමින ඇත.Second Life ඔස්සේද ඔබ ඇතුලු වන්නේ සමාජ ජාලාවකටය.එහෙත් එය facebook නැතිනම් Twitter වැනි සමාජ ජාලා අත්දැකීම් වලට වඩා වෙනස් ආකාරයේ අත්දැකීමකටය.
මිනිසුන් දෛනික ජීවිතයේ හැසිරීම් රටාවල් ඇසුරින් ගොඩ නැගෙන මෙම කාල්පනික ලෝකයට භාවිතාකරන්නෙකුට ට්ගමන් තොරා ගන්න්නා avatar ඔස්සේ පිවිසෙන්නට හැකිවන අතර හමුවන අනෙකුත් avatar සමග අන්තර්ක්‍රියා කරන්නට මෙන්ම ලොව පුරා ඇවිද යන්නට පමනක් නොව කන්ඩායමක් ලෙසට කටයුතු කරන්නටද අවස්ඨහවක් ලබා දෙන අත්දැකීමකි.2003 වසරේ ජුනි 23 වනදා සිට භවිතාකරන්නන් වෙත විවෘතවූ මෙම අඩවිය වෙත පිවිසෙන්නට භාවිතාකරන්නෙකු 16 වියැති බව ඉකමා සිටිය යුතුය.මෘදුමය ආකාරයට ගොඩ නැගූ three-dimensional modeling වලින් සමන්විත මෙම අවකාශය එම ආයතනය විසින් August 2013 වන විට වඩාත් භාවිතාකරන්නන්ගේ සිතුම් පතුම් වලට ඉඩ ලැබෙන සේ නම්ය කරන්නට අවස්ථාව ලබා දෙන ලදී.
http://secondlife.com/
http://secondlife.com/