ගූගල් ආයතනය අද පවසා සිටියේ තම තප්පරයට ගිගාබයිට එකක වේගයකින් යුත් ෆයිබර් ඉන්ටර්නෙට් හා රූපවාහිනී සබදතාවය ඇමරිකාවේ තවත් නගරයක් වෙත ලබා දීමට සැලසුම් කරමින් සිටින බවකි. ඔවුන් ප්‍රථමයෙන් පසුගිය වසරේ නොවැම්බරයේ තම ප්‍රථම මේ ආකාරයේ සේවාව Kansas City Kansas/Missour නගර වෙත ලබා දීමට කටයුතු කල අතර මෙම මස මුල් භාගයේ පවසා සිටියේ Austin, Texas නගර වෙතද මෙම සේවාව 2014 මැද භාගයේ ලබා දීමට කටයුතු කරමින් සිටින බවකි. Provo, Utah තෙවන නගර වෙත එම සේවාව ව්‍යාප්ත කිරීමේදී දැනටමත් එහි ක්‍රියාත්මක වෙමින් ඇති ෆයිබර් ඔප්ටිකල් ඉන්ටර්නෙට් සේවා ජාලයක් මිලදී ගෙන එය තප්පරයකට ගිගා බයිට එකක සේවාවක් දක්වා ඉහල නැංවීමට කටයුතු කරනු ඇති බවටයි පවසා සිටින්නේ. දැනට මෙම සේවාව ලබා ගන්නන් සදහා මසිකව ඩොලර් 750ක ගෙවීමක් ලබා ගන්නා අතර රූපවාහිනී පැකේජයන් සමග වීමේදී ඩොලර් 120 දක්වා මාසික ගෙවීම් කිරීමට සිදුවේ.එසේම එක් වරක් පමනක් ගෙවනු ලබන සැකසුම් ගාස්තුවක් යටතේ ඉහත කී සබදතාවය තප්පරයට ගිගා බයිට 5 දක්වා ඉහල නංවාගැනීමේ අවස්ථාවද ගූගල් ආයතනය තම පාරිභෝගිකයින් වෙත ලබා දෙමින් සිටී.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...