මයික්‍රසොෆ්ට් ආයතනය තම අවුට් ලුක් ඊමේල් පිටුව මතට මද වෙනස් ආකාරයක වෙළඳ දැන්වීම් සේවාවක් හඳුන්වා දෙමින් සිටිනවා.නව ක්‍රමවෙදයට අනූව අවුට් ලුක් ඊමේල් පිටුවෙහි වම් පස තීරුවක ටයිල් ආකාරයේ දැන්වීම් පහක් හෝ හයක පලවීම් සිදුවන අතර දැන්වීම් කරුවන්ගේ අභිමතය පරිදි එම අවකාශය මත තම දැන්වීම් නිර්මානය කර ගතහැකි බවටයි පැවසෙන්නේ. ආයතනය පෙන්වා දෙන උදාහරන වලිඔන් දැක්වෙන්නේ භාවිතාකරන්නෙකු එම ටයිල්මය දැන්වීමක් මතට තම කර්සරය ගෙන ගිය විට දිග හැරෙන තවත් කවුලුවක රූපවාහිනි දැන්වීමක් නැතිනම් ස්ලයිඩ් ආකාරයේ දැන්වීමක් දැක ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි සටහන් වන්නේ. තවත් විටක පලමු දැන්වීමෙන් වෙළඳ ආයතනයක වෙබ් පිටුවක් කරා භාවිතාකරන්නෙකු රැගෙන යාමේ හැකියාව ඇති සබදතාවයකට යොමුකරන්නටද හැකිවනු ඇති බවටත් ඔවුන් පවසා සිටිනවා. එම ආයතනය පවසන්නේ මෙම වෙනස් ආකාරයක දැන්වීම් අත්දැකීම භාවිතාකරන්නන් වෙත වැඩි ආකර්ශනයක් ලබා දෙනු ඇති බවයි. දැනට මෙම දැන්වීම් සහිත අවුට්ලුක් වෙබ් පිටු එක්සත් ජනපදය හා බ්‍රසීලය සදහා ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී තවත් රටවල් සදහා නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...