මගේ ජීවිතේ උදා වුනු අපූරුතම සැන්දෑවලින් එකක් කියලා අද සැන්දෑව ගැන මට සිතෙනව. භාරකාර තුමාගේ අවසර අරගෙන, ආශ්‍රමය පිටුපස කදුමුදුනට යන්න පුලුවන්වුනා. එක පේලියට පිහිටපු කදුමුදුනත් ඔස්සේ වැටී ඇති මාවත දිගේ බොහෝ දුරක් ඇවිදගෙන යන්න අවස්තාව ලැබුනුනා. පසුගිය දවස් වල ඇදහැලුනු වර්ෂාවත් එක්ක ගහකොල විතරක් නෙවේ සතුන් පවා ප්‍රබෝධමත් වෙලා කියලා දැනෙනවා.අපේ ආශ්‍රමය පිහිටලා තියෙන්නේ කදුමුදුනතේ නැගෙන හිර දෙසට වෙන්න. බටහිර බැවුම කෙරවල පහල නිම්නයෙන් විශාල ගංගාවක් ගලා බසිනවා. තුරු මුදුන් අතරින් රිංගා ගිය තද හිරුකෙදි අර ගංගාවේ රළවල වැදිලා පරාවර්තනවන දර්ශනය හරිම අපූරුයි. සමහර විට ඔබ කියවලා ඇති ප්‍රසිද්ද මනෝවර්ධනය ගැන ලියපු ලේඛකයෙක් සටහන් කරලා තිබුනා ගුවන් තොටුපලකදී අහබුලෙස තමන් දෙසට එල්ලවු රටාවක් සහිත ආලෝක දාරාවක් ඔහුගේ මනස ගැබුරු ලෙස නාභිගත කරපු හැටි ගැන. සමහර විට ඒ අත්දැන්කීම වඩාත් චමත්කාර ලෙස ඔබට මැතැනදී විදගන්නට හැකිවේවි කියලා මම හිතනවා. ටිකක් හුරුපුරුදු කල මනසකට පරිසරයේ මැවෙන සුන්දර අවස්තාවලින් විශාල සතුටක් වගේම ශක්තියක් උරාගන්නට පුලුවන් කියලා කිවයුතුමයි.සමහර විට ඔසුවක් වගේ ඔබේ සිත සුවපත් කරන්නටත් උදවුවේවි. අදුරත් සමගම ආපසු ආශ්‍රමයට ආවේ හරිම සතුටකින්.මේ සටහන කරනකොට මට හොදින්ම පසක් වුනු කාරනාවක් තමයි, වරක් අපේ විශ්වවිද්‍යාලයට ආරාධිත දේශනයකට පැමිනි ප්‍රසිද්ධ ලේකඛයෙක් කරපු සදහනක්. “අත්දැකීම් සටහන් කරන්න හරිම ලේසියි. අවබොදයන් සටහන් කරන්න හරිම අමාරුයි"
විකුනන හා විකිනෙන සමාජයට ඔබ්බෙන් වන සැබෑ දහම කියවන්නට www.nirogi.tk
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...