2011-07-30

"අපේ දුර්වලතා සොයාදෙන්නන්හට අප හොදින් ගෙවනු ලැබේ".

"අපේ දුර්වලතා සොයාදෙන්නන්හට අප හොදින් ගෙවනු ලැබේ". පසුගියදා ෆේස්බුක් ආයතනය නිකුත්කල දැන්වීමක එසේ සටහන්ව තිබූ බවයි කියවෙන්නේ." ඔබ හදුනා ගන්නා ෆේස්බුක් දුර්වලතාවයන් අප වෙත මුලිම දැනුම් දෙන්නන් වෙත ඩොලර් 500 ඉහලට වන මුදලක් ගෙවන්නට අප සූදානම් " බවයි එයින් කියවුනේ.තවත් සටහන් වීමකට අනූවනම් උපරිමය ඩොලර් 313370 ලෙසත් සටහන්ව තිබුනා.වැඩිදුරත එහි සටහන්ව ඇත්තේ දැනටත් වඩා ඉදිරියේදී තමන් තම ආයතනය මෙම අනවසර පහර දෙන්නන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් ඔවුන්ගේ හැකියාවන් වඩාත් දිරිමත් කරන්නටත් සයිබර් අවකාශයට වඩාත් ධනාත්මක ආකාරයෙන් ඔවුන්ගේ හැකියාවන් යොදා ගන්නටත් බලා පොරොත්තු වන බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...