Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-13
ආදරනීය ජීවිතය වෙනස් විදිහකට කියවන්න.........
වාහන පහසුව අවසන්වන ස්ථානයේ සිට ආශ්‍රමයේ ප්‍රධාන දොරටුව වෙත ලගාවන්නට දිනක් හෝ දින එකහමාරක පා ගමනක යෙදෙන්නට වෙනු ඇත. විශාල කදු වලලු දෙකක් පසුකරන්නට සිදුවනු ඇත. නගරයේ සිට මදදුරක් ගෙවෙන විට ක්‍රමයෙන් මුත් වේගයෙන් මිනිසුන් හමුවීම අවම වන්නට පටන් ගනී. බොහෝ විට මුල් කදු පංතිය පසුකරන්නට වෙන්නේ හුදකලාවම විය හැක. ඉන් පසු තැනින් තැන කුඩා ජනාවාස හමුවනු ඇත. එක් කරුනක් මට ඔබට සහතිකව කිව හැක. අර කදු පංතිය පසුකල පසු හමුවන ගම්වාසීන් කිසිදිනක ඔබේ කිසිදු දෙයක් අත්පත් කර ගන්නට උත්සාහා නොකරන බවයි. ලෝකයේ දියුනුතම නගරයක සැප සම්පත් බහුල අයෙකුටවත් අත්පත්කර ගත නොහැකි තරමේ සරල මුත් පිරුන සතුටකින් ඔවුන් ඔබට සහය වනු ඇත. ඇත්තෙන්ම ඔවුන් ඔබ සිතන ආකාරයේ දුප්පත්කම හා අලස බවින් වැසුනු අවාසනාවන්ත මිනිසුන් නොවේ. අපට හුරුපුරුදු ආකෘති වලින් වටහ ගත නොහැකි උවද ඔවුනුත් දෛනිකව වඩාසාර්තක බෝග ක්‍රම වගාහානිය පාලනය කරන ක්‍රම ආදී බොහෝ කාරනා ගැන පර්යේක්ෂන පවත්වයි. අඩි සිය ගනන් දිගැති දුරේක්ශ නොමැති මුත් හිරු සදු ජීවිතවලට බලපානා ආකාරය ගැන දියුනු සමජයට අත්පත් කරගන්නට තව සියවස් ගනනක් ගතවෙනු ඇතැයි සිතිය හැකි තරමේ දැනුමක් ඔවුන් සතුය. මට එකවරම මතයකට නැගෙන්නේ වරක් අප විශ්වවිද්‍යාලයට ආරාධිත දේශනයක් සදහා පැමිනි ලොව ප්‍රකටපෙලේ සමජවිද්‍යා වියතෙකු තම දේශනය අවසන්කිරීම සදහා යොදා ගත් වදන් පෙලකි.මේ පෘතුවියේ සමහර තැන්වල හුදකලාවූ සමාජයන් පවතිනවා මම මෙතෙක් පැහැදිලිකල කිසිම සමාජ විද්‍යාත්මක නියමයකින් වටහා ගත නොහැකි වන. ඔවුන් සතු දැනුම වෙනස් මුත් පුදුමාකාර බව දකින විට මම විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් හා මගේ විෂයන් ඇතුලත පැවති දැනුම වෙනස් කරමින් කල මෙහෙවර ගැන මාතුල පවතින පුංචි ආඩම්බරය ගැන ලැජ්ජාවක් ඇති නොවනවාම නොවේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...