2011-09-28

වේගවත් සයිබර් සැරියකට.......


තප්පරයකට මෙගාබයිට් 20 වේගයක් සහිත බ්රෝඩ්බෑන්ඩ් වර්ගයේ සම්බන්දතාවයක් සමග ඉන්ටෙල් අයි7  ප්රොසෙසරයක් සහිත පරිගණකයක ගූගල් ක්රෝම් වෙබ් බ්රවුසරය භාවිතාකරමින් සිටිනවා යැයි සිතමු. තවමත් ඔබට ඔබේ  අන්තර්ජාලය තුල සැරිසෑරීමේ වේගය ගැන සතුටු විය නොහැකි වනවා විය හැකියී. හදාරන්නන් මෙයට හේතුලෙස ප්රධාන වශයෙන් පෙන්වා සිටින්නේ ඔබගේ අන්තර්ජාලය තුල සැරීමේ ක්රමවේදවල ඇති දුර්වලතා ලෙසයි. www.speedtest.net නම් වෙබ් අඩවියට පිවිස  ඔබට හැකිවනවා ඔබගේ අන්තර්ජාල වේගය පහසුවෙන් හදුනා ගන්නට. එහි තොරතුරු ඔබගේ  අන්තර්ජාල සේවා සැපයුම්කරු වෙත යොමු කිරීමෙන් සැකයුම් වල හෝ වෙනත් තාක්ශනික කාරනා ගැන සමහරවිට උපදෙස් ලබා ගන්නට හැකිවනු ඇති. මීටත් අමතර ඔබගේ අන්තර්ජාල සබදතාවය වඩාත් කාර්යක්ශම කරගන්නට පහත දැක්වෙන උපදෙස් උපකාර වෙනු ඇත.

ගූගල් ක්රොම් හි 13වන සංස්කරනය භාවිතාකරන විට


                                                                                         ඔබ ගූගල් ක්රෝම්හි 13 වන සංස්කරනය භාවිතා කරමින් සිටිනවා නම් එයත් සමග හදුන්වාදී ඇති නව මෘදු උපාංගයක් වන "ඉන්ස්ටන්ට් පේජ්" ඔබගේ සෙයුම් ප්රතිපල වේගවත් කරන්නට සහය වනු ඇත. ඇඩ්ඩ්රස් බාරයෙහි  "about:flags " යන්න සටහන් කිරීමත් "ප්රිලෝඩ් ඉන්ස්ටන්ට් සර්ච්" යන්න සක්රිය කිරීමත් තුලින් වැඩි වේගයක් ඔබගේ අන්තර්ජාල සැරියට රැගෙන එනූ ඇති බවයි අපගේ අත්දැකීම වන්නේ. 
ෆයර් ෆොක් හි නම් මතක කලමනාකරනය විධිමත් කිරීම තුලින්
දිගු කාලයක් එක දිගට ෆයර්ෆොක්ස් භාවිතාකරනවිට නිදහස් මතක ප්රමානය අඩුවීම තුලින් බ්රවුසරයේ වේගය අඩුවන්නට ඉඩ ඇත. මේ සදහා http://bit.ly/memory275 නම් වෙබ් අඩවියට පිවිස  බාගතකල හැකි  ෆයර්ෆොක්ස් ඇඩෝනය භාවිතයෙන් බ්රවුසරයේ මතක භාවිතය ගැන අවධානයෙන් සිටින්නටත් අනතුරු දායක මට්ටමකට පිවිසිවිට බ්රවුසරය නැවත ආරම්භයකට යාමෙන් මතක භාවිතය නිදහස් කරගන්නටත් හැකිවනු ඇත.
වෙබ් පිටු සමග එන අනවශ් දැන්වීම් මග හැරීම තුලින්
ෆයර් ෆොක්ස් හා ක්රොම් බ්රවුසරය සමග භාවිතාවට ගත හැකි "ඇඩ්බ්ලොක් ප්ලස් නම් බ්රවුසර් එක්ස්ටෙන්ශනය http://adblocplus.org නම් අඩවියෙන් බාගත කොට ගෙන බොහෝ අඩවි සදහා සාර්තකව භාවිතා කල හැකිවනු ඇත. මෙය වැඩිදියුනු කිරීම සදහා http://easylist.adblockplus.org  නම් වෙබ් අඩවියෙන් අමතර ඇඩෝනයන් ලබා ගෙන දැන්වීම් පෙරනයන් වඩා කාර්යක්ශම කරගත හැකිවනු ඇත.
කැෂ් මතකය වැඩිකිරීම තුලින්
බ්රවුසරය විසින් තමන් යන එන වෙබ් පිටුවල පිටතක් හා තවත් අමතර තොරතුරු තබා ගැනීමක් සිදු කරයි. එසේ කිරීමේ අරමුන වන්නේ නැවතවරක් එම වෙබ් පිටු වෙත යාමේදී පහසුවෙන් හා වේගයෙන් එය ටුකර ගන්නට සහය වන්නට හැකිවීම නිසයි. ෆයර් ෆොක්ස් භාවිතාවෙදීනම් මෙසේ භාවිතාවන කෑෂ් මතක ප්රමානය පහසුවෙන් දැක ගත හැකිවන හා එහි ප්රමානය වෙනස් කර ගැනීමේ හැකියාව ලැබෙන අතර අනෙක් බ්රවුසරයන් සමග කටයුතු කිරීමේදී "ඔප්ෂන්" තුලින් "ඇඩ්වාන්ස්" බටනය හරහා නෙට්වර්ක් ටැබය තුලින් හමුවන override automatic cache management  නම් ඔප්ෂනය සක්රිය කරගැනීමෙන් හා කෑෂ් මතක ප්රමානය වැඩිකර ගැනීම කර ගත හැකිවනු ඇත.
දෘඩාංග අධිතීවරකරනය
ක්රෝම් බ්රවුසරය සදහා නම් "ජී.පී.යු ඇක්සෙලරේටඩ් කොම්පෝස්ට්න්" සක්රිය කර ගැනීම වැදගත් වනු ඇත. මෙමගින් වන වෙනස පැහැදිලි කරගන්නට නම් මයික්රසොෆ්ට් http://bit.ly/fish275  නම් වෙබ් අඩවිය තුලින් ලබා ගන්නා fishIETank  නම් විමසා බැලීමට ලක්කිරීමෙන් හැකිවනු ඇත. එම ෆ්රේම් රේටයන් සටහන් කරගෙන අනතුරුව ක්රෝම් ඇඩ්රස්බාරය තුල  about:flags යන්න සටහන් කොට   ලැබෙනතෝරා ගැනීම් අවස්තාවලින් “GPUcompositing on oll pages” , GPU accelerated Canvas 2D  යන යන්නවල් සංක්රිය කරගෙන එම පිටුව පහතින්ම ඇති   Relaunch Now යන්න සක්රිය කරන්න. ඉන් අනතුරු යලිත් --FishIE Tank test එක ක්රියාත්මක කිරිමෙන් ක්රියාකාරීත්වය අත්පත්කරගෙන ඇති වර්ධනය දැක ගත හැකිවනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...