2020-01-02

අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට.. 01

අනන්තය තෙක් පෙනෙන විසල් කඳු මුදුනතක සිට.. 01
ඔබ ආශ්‍රමයේ මුදුනතට පිවිසෙන්නට වැඩි කාලයක් ගැනීම වඩාත් හිතකර තත්වයකි. එවිට ඔබ වැඩි වැඩියෙන් සූදානම් වීමට හැකිවේ. කඳු පාමුල ආශ්‍රම පිවිසුම වඩාත් කලබලකාරී වන්නේ මිනිස් හැසිරීම් ආශ්‍රයෙන් පමනක් නොවේ. වඩාත් විශාල වෘක්ෂයන්ගෙස් අතුපතර සුලගට සෙලවන තැන සිට බහුල පක්ශීන් හැසිරීම දක්වා සංකිර්න බවක් ගනී. ක්‍රමයෙන් ඉහලට යන්නට යන්නට වඩාත් සංසුන් පරිසරය ඔබේ මනස වඩාත් නාභිගත වීමකට ආරාධානා කරයි. විටක නිසිලෙස පුහුනු නොකල මනසකට මේ නිහඩ්යාව දැරිය නොහැකි වන අවස්ථා මම දැක ඇත්තෙමි. කඳු මුදුනත ගැන මම කථා නොකරන්නේ ඒ අත් දැකීම භාෂාවේ සීමාව ඉක්මවා යන්නක් වන නිසාය. ආශ්‍රම භූමියේ කඳුකරයේ මධ්‍යම සීමාව ඉක්මවන ප්‍රමානය වන විට උදාවන සමහර හෝරාව දෙක ඇතුලත ඉදහිට තුරු අගකින් ගිලිහෙන පත්‍රයක් පොලව සිපගන්නා හඬ හැරෙන්නට නිහඩ වන පරිසරය මම අපමනවත් විඳ ඇත්තෙමි.
- Pubudu Siriwansa

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...