2013-03-26

System Image Recovery පහසුව වින් බ්ලු වෙතින් ඉවතට???


වින්ඩෝස් බ්ලූ සමග පැමිනෙන්නට නියමිත බොහෝ නව අංගයන් පිලිබදව මේ වන විට කථා බහට ලක්වෙමින් තිබෙනවා. ස්ටර්ට් ස්ක්‍රීනය තුල සිදුවන දියුනු කිරීම් මෙන්ම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 11 තුල "ටැබ් සින්ක්‍රෝ" හැකියාව ඒ අතර කැපී පෙනෙන බවටයි පෙනෙන්නට ඇත්තේ. මේ අතර වින්ඩෝස් බ්ලූ සමග එකවර තිර කිහිපයක් සමග කටයුතුකිරීමේ හැකියාව වඩා දියුනු කිරීමක් සිදුව තිබෙනු ඇති බවටත් දැක්වෙමින් තිබෙනවා. ඒ අනූව එකවරම භාවිතාකරන්නෙකුට ඇප්ලිකේෂන දෙකක් හෝ වැඩි ප්‍රමානයක් පරිගණක තිර දෙකක් හෝ කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ.
                    නව සංස්කරනය සමග System Image Recovery උපාංගය ඉවතව ඇති බවටත් ඇක්වෙන අතර එම ස්තානයට Startup Repair උපාංගය පැමින ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. හදාරන්නන් අතර මේ පිලිබදව නොසතුටක් පලවෙන අදහස් දැක්වෙමින් ඇති අතර ඔවුන් පවසන්නේ වින්ඩෝස් බ්ලූ පියවරක් පසුපසට යාමක එම වෙනස ඔස්සේ සිදුව ඇති බවයි. ඔවුන් බලාපොරොත්තුවන්නේ නිල නිකුතුව වන විට මෙම ගැටලුකාරී ඉවත්කිරීම් නැවත එකතුවනු ඇති බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...