2013-03-26

ගූගල් ආයතනය තවත් සේවාවක් අවසන් කර දමයි...



ගූගල් වෙහින් ලබාදෙමින් තිබූ  තවත් වෙබ් සේවාවක් මේවන විට ඉවත්කොට ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. ගූගල් රීඩර් වසා දැමීමට ගත් තීර්නය යලි සලකා බලන මෙන් භවිතාකරන්නන් කල ඉල්ලීම වෙත තවමත් කිසිදු ප්‍රථිචාරයක් නොදක්වා ඇති එම ආයතනය තම ප්‍රථිපල පි‍ටුවෙක දී භාවිතාකරන්නාහට අකමැති ප්‍රථිපල වෙබ් අඩවි දැක්වීම වලක්වන්නට සහය වෙමින් පවත්වාගෙන යමින් තිබූ සහය සෙවාවවද මේ වන විට  වලක්වා ඇති බවටයි  දැක්වෙන්නේ. මේ වන විට යමෙක් එම සේවාව ලබා ගැනීමට උත්සාහ කිරීමේදී දැක්වෙන්නේ තව දුරටත් එම වෙබ් අඩවිය ක්‍රියාත්මක නොවන බවයි. 2011 මාර්තූ මාසයේ මෙම සේවාව හදුන්වාදෙමින් ආයතනය පවසා සිටියේ තම ගූගල් සෙවුම් යන්ත්‍රය මත සෙවීමක යෙදෙන අයෙකුට තමන් දකින්නට රිසිනොවන ප්‍රථිපල සටහන් ඉවත්කරමින් වඩාත් සිත්ගන්නා සුලු වෙබ් අත්දැකීමක් ලබා ගන්නට සහය වනු පිනිස මෙම සේවාව හදුන්වා දුන් බවය. කෙසේ වෙතත් ගූගල් ක්‍රෝම් භාවිතාකරන අයෙකුට නම් තවමත් තම ක්‍රෝම් බ්‍රවුසරය වෙත Chrome extension ලෙසින් ඉහතකී පහසු කමට සමාන පහසුවක් ලබා දෙන සේවාවක් එක්කර ගැනිමේ හැකියාව පවතින අතර අනෙකුත් බ්‍රවුසර භාවිතාකරන්නන් හට ඉදිරියේදී එවන් හැකියාවක් නොමැති වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...