පරිගණකය වෙත හානිකර අරමුනු සහිතව එන බොහොමයක් මෘදුකාංග ඉතා සුමුදු ලෙස ඔබ හට එය ස්ථාපනය සදහා සහය වන නමුදු යම් මොහොතකදී අස්ථාපනය සදහා උත්සාහ කරනවිට මහත් ගැටලු කාරී තත්වයන් ඇති කරයි. "scareware", "rogueware" ,"scamware" ලෙසින් කාන්ඩ වන බොහොමයක් මෘදුකාංග මෙලෙස ඉවත්කිරීමට ඉඩ නොදෙමින් සිටිනු ඔබටත් අත්දැකීම් තිබිය හැක. ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගමක නිමැවුමක් වන මෙම මෘදුකාංග එවන් අවස්ථාවලදී ඔබගේ සහයට ඒමට සූදානමින් සිටින බවටයි පවසන්නේ.සමහර විටක ඔබ නොදැනුවත්වම පරිගණකයවෙත ස්ථාපනය වෙමින් හානිකර අරමුනු සදහා ක්‍රියාත්මක වන මෘදුකාංග මෙන්ම ව්‍යාජ ආරක්ශක මෘදුකාංගද ඉවත්කිරීමට අපහසුවන අවස්ථාවලදී මෙම මෘදුකාංගයේ පිහිට ඔබට ලබා ගත හැකි වනු ඇත. වැදගත්ම කාරනයක් වන්නේ ප්‍රබල ක්‍රියාකාරීත්වයක් ඇති මෙම මෘදුකාංගය යොදාගැනීමේදී ඉතා සැලකිලිමත්වීම අනිවාර්ය වන බවයි. ඔවුන් පවසන්නේ බොහෝ විට අවසන් උත්සාහය ලෙසට මෙම මෘදුකාංගය යොදා ගැනීම වැදගත් වන්නේ එම ඉවත්කිරීම් වලදී අනෙකුත් වැඩසටහන් සදහා වැදගත් වන මෘදුකොටස්ද එම ඉවත්කිරීම් සමග පරිගණකයෙන් ඉවත්වීමේ අනතුරක් මතුවිය හැකි බැවිනි.
http://siriwansa.com/Security.phpPubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...