2013-03-17

භාවිතාකරන්නන් එකවර උපාංග දෙකක් භාවිතාවට නැබුරුවීමේ ප්‍රවනතාවයක්..

 
මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ පරිගණක භාවිතාකරන්නන් අතර එක් උපාංගයකට වඩා එක්වර භාවිතාවීම වැඩිවෙමින් පවතින බවයි.ඔවුන් තොරතුරු ‍රැස් කිරීම සදහා යොදා ගත් පිරිස අතරින් සියයට 68ක්ම එකවර උපාංග තිර දෙකක් භාවිතාවේ යෙදෙන අවස්ථා ඇති බවයි. බොහෝවිට කාරනා දෙකක් සදහා මෙම භාවිතාව සිදුවන බව පෙන්වාදෙන ඔවුන් උදාහරනයක් ලෙසට පවසන්නේ රූපවාහිනිය නරබමින්ම තම නෝට්බුක් පරිගණකය ඔස්සේ ඊමේල පිලිබදව සොයා බලමින් සිටින අවස්ථාවකි. එසේම එම පිරිස අතරින් සියයට 57ක් එකිනෙකට සම්බන්දිත කාරනා සදහා තම උපාංග භාවිතාකරන අවස්ථා ඇති බවයි. උදාහරනයක් ලෙසට ඔවුන් පෙන්වා දෙන්නේ රූපවාහිනිය ඔස්සේ සිනමා පටයක් නරබන අතරතුර එම සිනමා පටය පිලිබදව වැඩිපුර තොරතුරු ලබා ගැනීම සදහා තම ස්මාර්ට් දුරකථනය හෝ ටැබ් පරිගණකය භාවිතාකරන අවස්ථාවන්ය.
              ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ එම පිරිස අතරින් සියයට 39ක් උපාංග තිර දෙකක් භාවිතාකරන මුත් වෙනස් සමාජමය භාවිතාවන් සදහා වන බවයි. මිතුරෙකු සමග පරිගණක ක්‍රීඩවක යෙදෙන අතර තුර තවත් උපාංගයක් ඔස්සේ සමාජ ජාලාවක් වෙත පිවිස තවත් මිතුරන් පිරිසකට එහි අවස්ථා විස්තර කිරීම උදාහරනයක් ලෙසට පෙන්වා දෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...