2013-03-18

මයික්‍රසොෆ්ට් නොවන මෘදුකාංග සමග හානිකර බව පැමිනීම ඉහලට....

පරිගණකය වෙත මෘදුකාංගයක් බාගත කර ගැනීම අරබනවිටම එය පරිගණකය වෙත ගෙනෙන හැකියාව පිලිබදව ධනාත්මක හැගීමක් මෙන්ම විටක එය සමග එන්නට ඉඩ ඇති පරිගණකයේ සාමකාමී  පැවැත්මට අභියෝගවන හානිකරයන් පිලිබදව රිනාත්මක හැගීම පිලිබදවද විමසිලිමත් විය යුතු බවයි හදාරන්නන්ගේ මතය වන්නේ. ආරක්ශක මෘදුකාංග සමාගමක් ‍රැස්කල දත්තයන් ඇසුරෙන් ප්‍රකාශකර සිටියේ මයික්‍රසොෆ්ට් සමාගම හැරුනවිත මෘදුකාංග නිපදවන බොහෝ සමාගම්වල මෘදුකාංග නිෂ්පාදන සමග පැමිනෙන හානිකර බාවයන් ප්‍රමානය ඉහල යමින් පවතින බවකි.පෙර වසරේදී සියයට 72ක්ව පැවති හානිකර සමග පැමිනෙන මයික්‍රසොෆ්ට් නොවන මෘදුකාංග ප්‍රථිශතය මේවන විට සියයට 86ක් දක්වා ඉහලගොස් ඇති බවකි.2012 වසරේදී ඔවුන් ආයතන 421ක් ඔස්සේ නිකුත්වූ  මෘදුකාංග 9776ක් හදාරා හදුනා ගත් දුර්වලතා 2503ක් ඇසුරින් මෙම ගනනය සිදුකල බවටයි පවසන්නේ.
                                                                                 ගූගල් ක්‍රෝම් සමග පැමිනි දුර්වලතා 291 ක් සමග ඉහලින්ම තම ලයිස්තුගත කිරීම් වල සටහන් වන බව පවසන එම ආයතනය ෆයර් ෆොක්ස් සමග 257ක් ඇපල් අයි ටියුන් සමග 248ක්ද  ඇඩොබෙ ප්ලෑෂ් ප්ලේයරය සමග 67ක් දුර්වලතා මෙන්ම ඔරකල්  හි ජාවා සමග  පැමිනි 66ක් වන බවයි පෙන්වා දෙන්නේ.ඔවුන් යෝජනා කරන්නේ බාහිර මෘදුකාංග ස්ථාපනයේදී වඩ වඩාත් සැලකිලිමත්වීම ඉතා වැදගත්වෙමින් පවතින බවයි.

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...