2013-03-17

වින්ඩෝස්9 බීටාවක් එලබෙන ජනවාරියේ!!!!!

 
මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 9 හෝ වින්ඩෝස් බ්ලු ලෙසට තම මෙහෙයුම් පද්ධති සදහා මීලග සංස්කරනයක් පිලිබදව අවධානය යොමුකර ඇති බවට කිසිදු විවාදයක් නොමැති මුත් එය නිකුත්වන කාල වකවානුවක් ගැන මෙතෙක් කිසිදු තොරතුරක් හොලිව නොතිබිනි. පලවන නොල නොවන පුවතකට අනූව කියවෙන්නේ එලබෙන 2014 වසරේ ජනවාරි මාසය වන විට එම සංස්කරනයේ බීටාවක් නිකුත්වීමට බොහෝ විට ඉඩ ඇති බවයි. වාර්ෂිකව තම මෙහෙයුම් පද්ධති සදහා මෙගා මට්ටමේ වෙනසක් ‍රැගෙන ඒමේ නව මයික්‍රසොෆ්ට් සැලසුමට අනූව මෙම වසරේ නොවැම්බර් හෝ ඒ අවටදී වින්ඩෝස්8 සදහා උස්තල  ගැන්වීමක් ලෙසට එම නිකුතුව සිදුවීමට ඉඩ ඇති බවත් වෙනම සංස්කරනයක් ලෙස එම සංස්කරනය ලබා ගැනීමට එලබෙන වසර තෙක් සිටින්නට සිදුවෙනු ඇති බවටයි එම පුවත හෙලිකර සිටින්නේ.මෙම නව සංස්කරනය සමග පැමිනෙන්නට නියමිත දෑ පිලිබදව පැහැදිලි අදහසක් හෙලි නොවුනද ස්පර්ශකතිර මිත්‍ර බවට වැඩි දියුනු කිරීම් කිහිපයක්ම එක් වනු ඇති බවට නම් කිසිදු සැකයක් නොමැති බවටයි අනුමානය වෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...