2014-02-09

Wearable උපකරන මතට A.I. ලේයරයේ පැමිනීම!!!!

 Google Glass වෙතට පසුගියදා හදුන්වාදුන් නව app මෘදුකාංගයක් විය. එය Wearable උපකරන සමග  වඩ වඩාත්  සංකීර්න වෙමින් ඇති දත්ත එකතුව සමග ක්‍රියා කරමින් ඒ මතට නව මානයක් ‍රැගෙන එන්නට සහයවන පැමිනීමක් හැටියටයි සදහන් වන්නේ. Wearable පරිගණක සමග ඔබගේ දෛනික ජීවිතය පිලිබදව අභ්‍යන්තරිකව මෙන්ම බාහිරව අපමනක් තොරතුරු ‍රැස්වෙමින් ඇත. බාහිරව සැලකීමේදී එම උපකරනය පැලඳ යන එන , කරන, කියන , හමුවන දහසකුත් දෑ තොරතුරු හැටියට ගබඩා වෙමින් තිබුනද ඒවා නිසි ලෙසට අවශ්‍ය විටකදී වැදගත් තොරතුරක් ලෙසට නැවත පැමිනීමට යාන්ත්‍රනයක් වීමය. සරලව පවසන්නේ නම් බුද්ධිමය මැදිහත්වීමක් පැමිනීමය. ගබඩා වන අපමනක් තොරතුරු විමසමින් අවශ්‍ය විටකදී ඒවා නැවත ලබාදෙන්නට මෙන්ම එම තොරතුරු වලට අදාල වැදගත් තොරතුරු අන්තර්ජාලය වැනි තවත් තොරතුරු ගබඩා ඔස්සේ විමසමින් තම භාවිතාකරන්නාට අවශය විටකදී ලබා දීමය. උදාහරනයක් ලෙසට මග තොටදී හමුවූවෙකු නැවත හමුවන්නට අවශ්‍ය විටකදී ඔහු පිලිබදව වැඩි දුර තොරතුරු ඔබට සපයන්නට සූදානම්ව සිටීමය. නැතිනම් නුදුරු දිනක ඔබ සම්මුකපර්යේක්ෂනයට යාමට පෙර එහි හමුවන ප්‍රධානියාගේ Blog අඩවිය විමසමින් ඔහුගේ අදහස් උදහස් ගැන ඔබව දැනුවත් කිරීමට ක්‍රියා කිරීමය.
                              Refresh ලෙසට නම්ව පැමින ඇති එම app සහය පැහැදිලි කරන්නේ පලදින තොරතුරු උපකරන වල මීලග වැදගත්ම වූ හැරවුමකි. එය ඔබව හදාරමින් ඔබගේ අතීත හැසිරීම් ඔස්සේ ඔබව "ඉගනගන්නවා" ඇත. ඒම දැනුම ඔස්සේ ඔබගේ මීලග කාර්යයට අවශ්‍ය දැනුවත්කිරීමට පැමිනීම එනම් artificial intelligence ලේයරය උපාංගය මතට පැමිනීමය. කාර්ය බහුල ජීවිතයේ ඔබගේ මීලට යෙදී ඇති කාර්යය කාලසටහන අනූව පවසන්නට පමනක් නොව අවශ්‍ය වන අමතර තොරතුරු අන්තර්ජාලය ඔස්සේ විමසා ලබාදෙන්නට මෙන්ම අඩපනව  ඇති ඩෙස්ටොප් පරිගණකයේ සුලු අලුත් වැඩියාවක් සදහා එය පැහැදිලි කරදෙන වීඩියෝවක් සූදානම්කර තබා ගනිමින් තව දුරටත් එය හුදු උපකරනයක් පමනක්ම නොව සුහඳ සහයකයෙකුවීම සදහා සුදුසු තරමට තමා හැදීවැඩී ඇති බව කියාපානා පෙර සලකුනක් වෙමින් ඇත.
https://app.refresh.io/external/glass/main/main.html

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...