Windows 8.1 සදහා නිකුත්වීමට නියමිත Update 1 නිකුතුවේ නොනිල සංස්කරනයක් මේ වන විට අන්තර්ජාලය වෙතට නිකුත්ව ඇති අතර භාවිතාකරන්නන් හට පැමිනෙන්නට නියමිත වෙනස්කම් පිලිබදව අත්දැකීමක් ලබා ගන්නට අවස්ථාව ලැබී තිබෙනවා. දැනට දැන්වෙන ආකාරයට මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් 8 සමග Modern Screen මූලික ස්වභාවය මදක් ලිහිල් කරමින් Mouse, Keyboard මූලික සාම්ප්‍රධයික ඩෙස්ටොප් එක සමගත් පහසුවෙන් මෙහෙයුම් පද්ධතිය හැසිරවීමේ හැකියාව ලබා දෙන්නට කටටුතු කරමින් සිටින බවටයි කරුනු පැහැදිලි වෙමින් ඇත්තේ. සමහර සරල වෙනස්කම් සමග පවා වින්ඩෝස් 8 පිලිබදව අවධානය භාවිතාකරන්නන් ගෙන් අහිමිවන්නට හේතුවූ ආකාරය අත් දැක ඇති මොහොතක නැවත පැමිනෙන සරල භාවිතාවන් පවා සැදගත් වනු ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. දැනට පැමින ඇති සංස්කරනය සමග Modern app එකක Taskbar වල link icon එකක ලෙසට රදවන්නට හැකිවන ව පමනක් නොව එම app ක්‍රියාකාරීත්වයේ පැරනි ක්‍රියාකාරකම් වෙතට පහසුවෙන් පිවිසෙන්නට එය මත Right click කොට Jumplist වෙතට පිවිසෙන්නටත් හැකිව ඇති බවටයි පෙනෙන්නට තිබෙන්නේ. එසේම Xbox Music වැනි app එකක් Taskbar මත ඇති විටදී අවශ්‍ය විටදී pop up ලෙසට කර්සරය hovering ඔස්සේ media control හැකියාවද පෙන්වමින් තිබෙනවා. මෙම සංස්කරනය සමග පෙනෙන තවත් වැදගත් භාවිතාවක් වන්නේ Full screen ලෙසට ක්‍රියාත්මකවෙමින් ඇති Modern app භාවිතාවකදී පවා කර්සරය screenවල පහල කෙරවල වෙතට ගෙන යන විට අවදිවන Taskbar ද දැක්විය හැකියි. එලබෙන නව සංස්කරනය සමග වින්ඩෝස් 8 සමග කෙමෙන් ඉවත්වෙතැයි බලාපොරොත්තුවූ පැරනි ඩෙස්ටොප් භාවිතාව දෙසට නැවත අවධානය යොමු කරන්නට මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කරමින් සිටීම වින්ඩොස් 8 වෙතින් ඉවත්වය ගිය භාවිතාකරන්නන්ගේ අවධානය නැවත ලබා ගන්නට හැකි වනු ඇති බවටයි හදාරන්නන් බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...