2014-07-10

Android wear watches තොරතුරු බිඳක්!!

   එය තවමත් සති කිහිපයක් වියැති නිකුත්වීමකි. එනමුත් නිෂ්පාදකයින් අතරට නම් අවධානයක් ලබා ගත් මෙහෙයුම් පද්ධතියක්වී අවසානය. LG හා SAMSUNG වෙතින් දැනටමත් Android wear watches නිකුත්ව හමාර වන අතර  Motorola වෙතින්ද පැමිනීමක් නිවේදනය වී හමාරය. දත්ත සබදතාවක් මිනිස් දෛනික භාවිතාවට එන වඩාත්ම ප්‍රායෝගික ආකාරයක් ලෙසට එය පිලිගැනේ.Google glass මෙන් සමාජයතුල අනවශ්‍ය කැලබිමක් එය ‍රැගන විත් නොමැති වීමද වැදගත් සාධකයකි. හුරු පුරුදු සරල පැලඳීමක් ඔස්සේ එය පැමින ඇති අතර සරල මෙහෙයුම් කිහිපයක් ඔස්සේ එහි ඇති සංවේඳක ඔස්සේ  තොරතුරු ලබා ගන්නටත් ,ස්මර්ට් දුරකථනය සමග app සහයක් ඔස්සේ පහසුවෙන් තොරතුරු හුවමාරු කර දෙන්නටත් එය සමත්ය. දැනට මෙම පැලඳුමක් ඩොලර් 199 - 229 වැනි මිලකට වෙළඳ පොලට පැමින ඇති අතර ඉදිරොයේදී වඩාත් අඩු මිලගනන් යටතේ වැඩි පහසුකම් සමග පැමිනෙන්නට ඇති ඉඩකඩ බෙහෙවින් තිබේ.
                                                   සාපේක්ශව කුඩා මුහුනත නිසා UI cards ඔස්සේ වරකට එක් ආකාරයක තොරතුරක් පමනක් ලද හැකි ආකාරයට හා එම මුහුනත මත ඇගිලි තුඩුවකින් කරන සුලු චලනයක් ඔස්සේ ඊලග තොරතුර වෙතට පැමිනෙන්නට හැකි වන ලෙසට මෙම නිකුතුව සැකසී ඇති අතර පැලඳි අතේ සරල චලනය ඔස්සේ සංක්‍රියකරන්නට මෙන්ම අවශ්‍ය තොරතුරු Cards වෙනස් කරන්නට පහසුවන ලෙසට එය නිමව ඇත. Bluetooth ඔස්සේ Android දුරකථනය සමග සම්බන්දවී පැමිනෙන කෙටි පනිවිඬ , දුරකථන ඇමතුම් ආදිය පමනක් නොව Google Now ඔස්සේ දෛනිකව අවශ්‍ය වන තොරතුරු පහසුවෙන් එය ලබා දෙන්නට සූදානම්ව ඇත.ඔබගේ තැන්පත්ව ඇති පෞද්ගලික තොරතුරු, ඔබගේ සබඳතාවල තොරතුරු මෙන්ම අන්තර්ජාලයෙන් අවශ්‍ය තොරතුරු ආදිය පහසුවෙන් භාවිතාවට සැකසෙන Google Now මෙසේ සරල පැලදුමක් ඔස්සේ ශ්‍රව්‍ය දෘශ්‍ය ලෙසට පැමින තිබීම බොහෝ දෙනාගේ සිත්ගන්නා සුලු වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...