2014-07-23

මීලග මෙහෙයුම් පද්ධති සංස්කරනය ඒකීය එකකි.-Microsoft CEO-

  Microsoft හි CEOවරයා පවසා සිටියේ මීලග windows මෙහෙයුම් පද්ධතිය සමග app අවකාශය , UI ඒකීය බව පමනක් නොව මෙහෙයුම් පද්ධතිය තුලින්ම පැමිනෙන ඒකීය බව ස්තීර බවකි. අයතනය තුල Threshold ලෙසට නම් කෙරෙමින් හා බාහිරව windows 9 ලෙසට නම් දරමින් තවමත් සංවර්ධන මට්ටමේ තිබෙන මෙම Microsoft මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන සංස්කරනය එලබෙන වසරේදී නිකුතුවක් වනු ඇති බවටයි දැනට බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
                 දැනටමත් මෙම තොරතුරු පලව තිබෙන ඒවා වූවද ආයතනයේ ප්‍රධානියෙකු විසින් කල එම ප්‍රකාශය ඔස්සේ වඩාත් තහවුරුවක් ලැබෙන බවට විචාරනට වෙමින් ඇති අතර වැඩි දුරටත් බලාපොරොත්තු වන්නේ එක මෙහෙයුම් පද්ධතියක් වූවද ස්ථාපනයේදී එම උපාංගයට වඩාත් හිතකර ලක්ෂන සංක්‍රිය වෙමින් සිදුවනු ඇති බවකි. Desktop ස්ථාපනයකදී start මෙනුව ප්‍රධාන Keyboard , Mouse සූදානම් ස්ථාපනයක් වනු ඇති නමුත් Tablet පරිසරයකදී ස්පර්ශක තිර මිත්‍ර ස්වභාවයන් හා Modern Screen මූලික බවකින් එය වනු ඇති බවට බලාපොරොත්තු වනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...