2012-10-26

මෙතෙක් ලොව වැඩිම කාලයක් අත්හදා බැලීමකට ලක්වූ මෙහෙයුම් පද්ධතිය නිකුත්වේ....



ඊයේ පැවති වින්ඩෝස්8 අවසන් සංස්කරනය නිකුත්කිරීමේ හමුවේදී ප්‍රකාශවූවේ ලොවපුරා රටවල් 190කදී පැය 1,240,000,000 පුරාවට අත්හදා බැලීමට ලක්කිරීමෙන් පසුව තම නව මෙහෙයුම් පද්ධතිය නිකුත්කිරීමට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කොට ඇති බවයි. නිල නොවන ලෙස ලබාගත් පෙර සංස්කරන භාවිතාවන් සමග සැලකෙන විට මෙම සංක්‍යාව මීට වඩා වැඩි විය හැකි බව විචාරක මතයයි. දැනට ලොව වැඩිම පෙර අත්හදා බැලීමට ලක්වූ මෘදුකාංගය ලෙස සැලකිය හැකි මෙම මෘදුකාංගය ඒනිසාම දැනට බිලියන බාගයක නිල පිටපත් භාවිතවන වින්ඩෝස් 7 , එනම් මීට පෙර මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය ඉක්මව භාවිතාකරන්නන් දිනා ගැනීමට හේතුවක් නොවනු ඇති බවටයි විචාරක මතය වන්නේ. වින්ඩෝස් 7 වලසිට වින්ඩෝස්8 වෙත භාවිතාකරන්නන්ගේ අවධානය ලබා ගැනීමට මීට වඩා සාර්ථක හේතුවක් අවශ්‍ය වනු ඇති බව ඔවුනගේ බහුතරයක මතය වනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...