2012-10-28

භාවිතාකරන්නාගේ සයිබර් හැසිරීම්තොරතුරු ‍රැස්කිරීම වැලකීමට යාහු එකග නොවේ...



අන්තර්ජාල භාවිතාව තුල ඔබගේ සයිබර් හැසිරීම හැදෑරීම පිලිබද දත්ත එකතුකිරිමට ඉඩ නොදීම බොහෝ සෙයින් කථාබහට ලක්වූ කාරනාවකි. මයික්‍රසොෆ්ට් ආයතන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සමග අවසානයේ භාවිතාකරන්නාට තමන් පිලිබද තොරතුරු ‍රැස් කරගන්නට ඇති අවකාශය අහුරා දමන්නට අවශ්‍ය සැකසුම් ලබාදෙන්නට තීරනය කරන ලදී.
                                         ලොව ප්‍රධාන පෙලේ සයිබර් සේව සපයන ආයතනයක් වන යාහු අයතනය පවසන්නේ තමන් ඉහතකී භාවිතාකරන්නාගේ සයිබර් තොරතුරු ‍රැස්කිරීම අහුරදැමීමේ ප්‍රවනතාවයට වැඩි කැමත්තක් නොදක්වන බවයි. ඒ අනූව ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා 10 යාහු සමග භාවිතාකරන්නන් තම බ්‍රවුසරයේ සැකසුම් තුලින් ඉහත සදහන් වන පරිදි තම සයිබර් හැසිරීම පිලිබද දත්ත ‍රැස්වීම අහුරා දැමුවද එය ප්‍රථිපලදායී නොවනු ඇති බවටයි පැවසෙන්නේ.
                     මයික්‍රසොෆ්ට් ආයතනයද පසුගියදාක ප්‍රකාශ කල සිටියේ ඉහතකී ආකාරයට තොරතුරු ‍රැස්වීම වලකා දැමීමේ ක්‍රම වේදය ලෝක මට්ටමේ එකගතාවයක් සමග ප්‍රමිතිතත්වයක්  නිර්මානය කරගැනීම වඩාත් ගැලපෙන බවත් ඒ සදහා සහය දැක්වීමට තමන් කැමති බවත්ය.

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...