2012-10-24

2013 මයික්‍රසොෆ්ට් වෙත එතරම් පලදායී නොවනු ඇත..... -අනාවැකි පලවේ-



2013 මයික්‍රසොෆ්ට් ආයතනයට මද ලාබදායී වසරක් වනු ඇති බවටයි හදාරන්නන් මත පලකරමින් සිටින්නේ. ඔවුන් පවසන්නේ ඉදිරි වසර පහ අවසන් වන විට පමන වින්ඩෝස්8 හොදින් ප්‍රතිලාබ ගෙනෙන මෙහෙයුම් පද්ධතියක් වනු ඇති බවයි .එම හැදෑරීමට අනූව 2007 ඇපල් අයි ෆෝනය සමග මයික්‍රසොෆ්ට් වෙත එල්ලවූ අභියෝගය තවමත් අවසන් නොමැති බවයි පැවසෙන්නේ.පෞද්ගලික දත්ත උපකරන ලෙසට ගැනෙන සාම්ප්‍රධායික ඩෙස්ටොප් පරිගනකට , ටැබ්ලට් පරිගණකය මෙන්ම ස්මාර්ට් ෆෝනය සැලකූ විට 2008 වන විට මයික්‍රසොෆ්ට් ආයතනය සතුව 95% භාවිතයක් වූ මුත් එය 2012 වන විට30%ක් දක්වා පහත වැටීමක් දක්නට වූ බවයි.
                                     පෞද්ගලික පරිගණක මෙහෙයුම් පද්ධති වෙනුවට පෞද්ගලික දත්ත උපකරන මෙහෙයුම් පද්ධති ලෙසට වන නව අභියෝගය තුල 2016 පමන වන විට යලිත් යම් ස්ථාවරයකට පැමිනෙන්නට මයික්‍රසොෆ්ට් ආයතනයට හැකිවනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...