2012-10-23

වින්ඩෝස්8 අපූරු අත්දැකීමක් වේවි..... බිල් ගේට්ස් පවසයි.


තම කාර්ය බහුල කාලසටහන අතරතුර මාධ්‍යවෙදීයෙකු හමුවෙමින්න් මයික්‍රසොෆ්ට් හි බිල් ගේට්ස් මහතා පවසුවේ වින්ඩෝස් 8 පරිගණක භාවිතලෝකයට ගෙනෙන වෙනස ඉතා තීරනාත්මක වනු ඇති බවයි. ඔහු පැවසුවේ වින්ඩෝස් මෘදුකාංගයේ නව සංස්කරනය ස්පර්ශක මිත්‍ර , අඩු බල භාවිතාවක් සහිත උපකරන මිත්‍ර හා උපකරන වල අනන්‍යතා ඉක්මවමින් එකිනෙකයාවන අපූරු අත්දැකීමක් භාවිතාකරන්නන් වෙත ගෙන එනු ඇති බවයි.ඔහු පැවසුවේ භාවිතාකරන්නාගේ අභිමතයන් පරිදි සාම්ප්‍රධායික යතුරු පුවරුව මවුසයේ සිට සිරුරේ චලන අනදීම් දක්වා වන පරාසයක් තුල වින්8 සමග ගනුදෙනු කිරීමේ හැකියා පරාසය පුලුල් වනු ඇති බවයි.
       වින්ඩෝස්8 , වින්ඩොස්8 දුරකථනය මෙන්ම  ඔෆීස් හි මීලග සංස්කරනය  ක්ලවුඩ් තාක්ශනය සමග වින්ඩෝස් ස්ටෝර් එක් තලයකදී එකිනෙම හමුවෙමින් භාවිතා කරන්නාහට වඩාත් සුව පහසු අත්දැකීමක් ‍රැගෙන එන්නට සමත් වනු ඇති බවට ඔහු බලාපොරොත්තු පලකොට සිටිනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...