2012-10-13

වින්ඩොස් 8 පෙර ඇනවුම් ලබා ගැනීම ඇරබේ.........



නිල නිකුතුව ඉතා ආසන්නයේ පවතින මොහොත වනවිටත් වින්ඩෝස් 8 පිලිබද නොවිසදුනු ගැටලු කිහිපයක්ම තාමත් ඉතිරිව ඇත. මෙම ගැටලු අතර බෙහෙවින් කතාබහට ලක්වූ කරුනක් වූවේ මෙම නව මෙහෙයුම් පද්ධතියේ මිළ ගනන් පිලිබදවය. මේ වන විට මයික්‍රසොෆ්ට් ආ යතනය මෙන්ම බාහිර වෙළඳ ආයතන කිහිපයක් ඔස්සේ වින්8 හි  මිල ගනන් ප්‍රකාශවෙමින් පවතියි. එසේම පෙර ඇනවුම් කිරීමේ අවස්ථාවද ඇරබී ඇත.
                                               උස්තල ගැන්වීමක් සදහා බොක්ස් ආකාරයේ වින් 8 මිලදී ගැනීමක් ප්‍රවර්ධන කාලයතුලදී ඩොලර් 69.99 ලෙසට පැවසෙන අතර අනතුරුව එය ඩොලර් 199.99 වනු ඇති බවටයි සටහන් වන්නේ. පෙර සංස්කරන වලදී OEM ලෙසට නම් කල සිස්ටම් බිල්ඩර් ලෙසට දැන් නම් කරන සාමන්‍ය සරල භාවිතයට ගැලපෙන සංස්කරනය ඩොලර් 99.99 ලෙසටත් වින්8 ප්‍රෝ ලෙසට නම් වන ව්‍යාපාරික මටමේ සංස්කරනයන් ඩොලර් 139.99 ලෙසටත් නම් කර තිබෙනවා. එසේම ආයතනය පවසන්නේ සිස්ටම් බිල්ඩර් බොක්ස් සංස්කරනයක් වුවත් ආයතනික සහය පෙරදී මෙන් නොලැබෙන බවයි.එසේම පෙරකී ප්‍රවර්ධන කාලය ලබන ජනවාරි 31 දක්වා වනු ඇති බවටයි පලවන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...