2013-12-08

අවසර පදවල සුරශිත බව මනින සේවාවක් මයික්‍රසොෆ්ට් වෙතින්...

  තොරතුරු ලෝකයේ අවසර පදය (password) යනු ඔබගේ සුරක්ශිත භාවයේ යතුරයි. නිතරම හදාරන්නන් උපදෙස් දෙනු ලබන්නේ වඩාත් සංකීර්න සංයෝජනයක් සහිත අවසර පදයක් ඔබේ සුරක්ශිත බවට සාධකයක් වනු ඇතුවා සේම පහර දෙන්නට උත්සාහ කරන්න වඩාත් අධෛරයට පත්කරන්නට සහය වනු ඇති බවකි.වඩාත් වැඩි වෙමින් ඇති සයිබර් අනවසර ඇතුලුවීම් හමුවෙහි මෘදුකාංග ආකාරයට ඔබගේ අවසර පද නිර්මානය කර දෙන්නට මෙන්ම ඒවා සුරක්ශිත කර දෙන්නට සමත් මෘදුකාංග බිහිවෙමින් ඇති අතර yahoo , facebook වැනි ප්‍රධාන මට්ටමේ අඩවි වලට පවා සාර්ථක පහරදීම්සිදුවෙමින් පවතී.එකම අවසර පදය විවිද ගිනුම් සදහා භාවිතාකිරීම මෙන්ම අත්ශය සරල 123456 වැනි අවසර පද භාවිතයේ ප්‍රථිපල භාවිතාකරන්නන් වෙතින් නිරන්තරයෙන් තමන්ගේ අනාරක්ශිත බව ගැන චෝදනා ඉදිරිපත් වන අතරතුර Maicrosoft සමාගම  Telepathwords නමින් අවසර පදවල ශක්තිමත් බව පිලිබදව විමසා බලන්නට සහය වන සේවාවක් සාමන්‍ය භාවිතාවට ඇති බවටයි විවෘත කර ඇති බවටයි නිවේදනය වන්නේ.ආයතනය තුලදී දහස් වරක් සේවක මහතුන්ගේ අත්හදා බැලීම් වලින් අනතුරුව නිකුත්වන මෙම සේවාව සාර්ථකව භාවිතාකරන්නෙකුගේ අවසර පදයේ මීලග සංකේතය පිලිබදව පෙර නිගමනයකට එලබෙන්නට සමත්වන අතර ඒ අනූව අසාර්ථක අවසර පද පිලිබදව වඩාත් නිවැරදි සහයක් භාවිතාකරන්න වෙතට ගෙන  එනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...