2013-10-03

ලබන අප්‍රේල් 8 දායින් පසුව වින් XP භවිතාකරන්න බලාපොරොත්තු වන්නේනම්!!!!

  වින්ඩෝස් XP භාවිතාව අවසන් කිරීමට මයික්‍රසොෆ්ට් ආයතනය නිල ලෙස දින නියම කොට හමාරය. ඉතිරිව ඇත්තේ තවත් හය මසක කාලයක් පමනී. ඉන් පසුව XP  භාවිතය පිලිබදව හදාරන්නන් අනතුරු හගවන්නේ පහසුවෙන් සයිබර් පහර දෙන්නන්ගේ ගොදුරක් වීමට ඇති අවස්ථාව අවධාරනය කරමිනි. මෙහෙයුම් පද්ධතියක නිල සහය කාලය අදාල ආයතනය විසින් හමාර කිරීම යනු එම මෘදුකාංගයේ දුර්වලතා සදහා යාවත් කාලීනයන් නිකුත් කිරීම අවසන් කිරීම ප්‍රධාන වේ.අනෙක් පසින් භාහිර  ආයතන එනම් ආරක්ශක මෘදුකාංග ආයතන පවා තම ආරක්ශක මෘදුකාංග නිර්මානය කිරීමේදී එම මෙහෙයුම් පද්ධතියේ සමහර අනන්‍යතා නොසලකා හරිමින් පැමින ඇති වඩාත් නවීනතම මෙහෙයුම් පද්ධතිවල ස්වභාවයට ගැලපෙන සේ ඒවා නිර්මානය කරන්නට පටන් ගැනීමද සිදුවේ.එසේම පැමිනෙන නව මෘදුකාංග හෝ භාවිතාවන මෘදුකාංග වල නව සංස්කරන තවදුරටත් එම මෙහෙයුම් පද්ධතිය සදහා සහය නොදැක්වීමද සිදුවනු ඇත.
                                    එලබේ අප්‍රේල් 8 දායින් පසුව තවදුරටත් වින්ඩෝස් XP භාවිතාකරන ඔබට ගත යුතු වන පලමු පියවර වන්නේ හැකි හැමවිටම offlineසිටීම බව හදාරන්නන්ගේ පලමු උපදෙසයි.හානිකරයන් ගලා ඒමේ වඩාත් සංවේධීතම මාරගය එයින්වැලකීම සිදුවනු ඇති බවට ඔවුන් පවසනවා.එසේම බොහොමයක් ආරක්ශම මෘදුකාංග සමාගම තම මෘදුකාංග  වල 2014 සංස්කරන සදහා xpසහය ලැබෙන බවට ප්‍රකාශ කර ඇති නිසා මීලග ආරක්ශක මෘදුකාංග ‍තෝරා ගැනීමේ 2014 එසේ XP සදහා සහය දක්වන මෘදුකාංගයක් තොරා ගැනීම වැදගත් වනු ඇති බවත් ඔවුන් පවසා සිටිනවා.ඔබ වින්ඩෝස් XPහි Service-Pack3  නොවන්නේ නම් භාවිතාකරන්නේ මෙහෙයුම් පද්ධතිය එම සංස්කරනය දක්වා ඉහල නංවා ගැනීමද වඩාත් ආරක්ශාකාරී පියවරක් වනු ඇති බවටත් ඔවුන් උපදෙස් දෙනු ලබනවා.මීට  අමතරව  මයික්‍රසොෆ්ට් වෙබ් අඩවිය ඔස්සේ SP3 මෙහෙයුම් පද්ධතියේ පිටපතක් ලබා ගෙන එය සු‍රැකිව තබා ගැනීම මෙන්ම භාවිතවෙමින් ඇති xp පද්ධතියේ සම්පූර්න backup එකක් ලබගෙන ඒය සු‍රැකිව තබා ගැනීමද වැද ගත් වනු ඇති බව උපදෙස් ලැබෙන අතර අවශ්‍ය වන ද්ර්ඩාංග උස්තල ගැන්වීමක් ලගදී බලපොරොත්තු වන්නේ නම් එයත් සමග අවශ්‍ය සියලු සියලු මෘදුකාංග වල පිටපත්ක්ද තබා ගැනීම වැදගත් බව මතක්කර සිටිනවා.

වැඩි ආරක්ෂිත බවක් සදහා Android 15, Google Play Protect

Google පවසන්නේ තමන් Android 15 හා Google Play Protect වෙතට  scams, fraud, malware වලකන නව අංගයක් ගෙනෙන්නට සූදානම් බවකි. Google I/O 2024 වලදී...