2023-01-31

දුරස්ථ ‍රැකියා මොඩලය.

සමස්ථයක් ලෙසට හදාරන්නන් පෙන්වා දෙන්නේ දුරස්ථ ‍රැකියා  මොඩ්ලය සාපේක්ෂව ඵලදායී බවෙන් වැඩි බවය. කෝරෝනා අභියෝගයේදි මිනිස් සමාජය වෙතට පැමිනි වඩාත්ම ඵලදායී විසඳුම වූ සමාජ දුරස්ථබව විසින් අධිතක්සේරුකරන ලද මොඩලයක්වූ එය අද වන විට ලොවපුරා ආයතනයන් තුල අත්හදා බැලෙන විකල්පයක්ව  තිබේ. උදාහරනයක් ලෙසට US වල Q4 2022 වන විට පූර්ණව දුරස්ථව ‍රැකියාකරන පිරිස සමස්ථයෙන් 13%ක් ලෙසටත්, 58%ක් පුර්ණව ‍රැකියා ස්ථානයක සේවය කරන අය ලෙසටත්, 29%ක් දෙමුහුන් එනම් නිවසේ සිට හා ‍රැකියාස්ථානය  යන දෙකෙහිම විටින් විට ‍රැකියා කරන පිරිස ලෙසටත් ගනනය විනි.ලොව විවිධ පරිසරවලදී කාර්යාලය සදහා ගමනාගමනය වෙනුවෙන් ගත වන වෙලාව සැලකිය යුතු සාධකයක් ලෙසට ගනනය වීමේදී දුරස්ථ ‍රැකියා හොඳ විකල්පයක් වන්නේ කාලය ඉතිරිවීම මෙන්ම නගරවල අනවශ්‍ය තද බදය සදහාද විසඳුමක් ලෙසට විග්‍රහ වන නිසාය. ලොව පුරා සැලකීමේදී ආසන්නව විනාඩි 50-100 අතර කාලයක් තම සේවාස්ථානය වෙතට යාම් ඒම් සදහ වය කරන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් හදාරන්නන් පෙන්වා දෙන්නේ අති බහුතරයක් සාම්ප්‍රධායික කාර්යාල මූලික සේවා ආකෘතිය අගය කරන බවත් මෙන්ම දුරස්ථව සේවා සපයන අයවලුන් හැදෑරීමට අවශ්‍ය තාක්ෂණයන් භාවිතාවට කැමැත්තක් දක්වන බවටත් ඔවුන් වාර්ථාකරමින් සිටිනවා.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...