2023-01-21

සයිබර් ආරක්ශාව නොනවතින අභියෝගයකි.

සයිබර් ආරක්ශාව පෙරසූදානම් සමස්ථයක් නොවේ. පෙර සූදානමට ඔබ සුරකිය හැක්කේ සමස්ථ අභියෝගයෙන් කුඩා වපසරියක් පමනක් වනු ඇත. මක්නිසාද එය නිරන්තරයෙන් වැඩෙන වෙනස් වන විෂය පථයක් වන බැවිනි. පහර දෙන්නා නිරන්තරයෙන් වෙනස් මගක් සොයයි. සයිබර් ආරක්ෂාව ගැන හදාරන්නන් නිතරම පවසන්නේ වඩාත් විවෘතව සිටීම වැදගත්ම කාරනය බවයි. ඔබගේ භාවිතාව මෙන්ම වන විවෘත බවට සාපේක්ෂව ආරක්ශිත බව පවත්වාගෙන යාම ප්‍රායෝගික වන බවට ඔවුන් යෝජනා කරයි.හැකිනම් දෘඩාංග මට්ටමේ සිට ආරක්ශිත බව ‍රැගෙන ඒමට අද වන විට සූදානමින් පවතී. වගකීමක් සහිත නිල ලෙසට නිකුත්වන මෘදුකාංග භාවිතය, ඒවා නියමිත පරිදි යාවත්කාලීනව තබා ගැනීම, ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපිත කර යාවත්කාලීනව තබා ගැනීම, නිල නොවන ආකාර වලට ඇප් ඇතුළු මෘදුකාංග භාවිතයට නැඳවා නොගැනීම, සැක සහිත හෝ අනවශ්‍ය ඊමේල සබඳතා සංක්‍රිය නොකිරීම මෙන්ම ඊමේල වෙත දවටා එවන ගොනු විවෘත නොකිරීම, හැකි හැම විටකම ශක්තිමත් ආරක්ශක මුර පදයක් ඔස්සේ පෞද්ගලික අවකාශ ආරක්ශා කොට තැබීම මෙන්ම අවස්ථාව දි ඇති හැම විටම ද්විත්ව ආකාර ආරක්ශාවන් සංක්‍රියව තැබීම බහුලව ලැබෙන උපදෙස් වේ.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech


 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...