2013-10-16

"Bing engine" සෙයුම් හැකියාව මෙහෙයුම් පද්ධතිය පුරාවටම....

  Search Engine භාවිතයට සාම්ප්‍රධායිකව පැමිනෙන්නේ මෙහෙයුම් පද්ධතියක ස්ථාපිතව පවතින Browser එකක හරහාය.ඇත්තෙන්ම ඒ වෙනම කාරනයක් ලෙසට මෙහෙයුම් පද්ධතිය ඔස්සේ පිවිස ඉ‍ටුකරගත යුත්තක්වීම සාමාන්‍ය පිලිවෙතය.වින්ඩෝස් 8 සමග තත්වය මදක් වෙනස් කරන්නට මයික්‍රසොෆ්ට් ආයතනය කටයුතු කොට තිබිනි. "සෙයුම්බව" පරිගණකය දෙසට මෙන්ම අන්තර්ජාලය දෙසට සරල කොට තිබිනි.වින්ඩෝස් 8.1 පැමිනීමට හෝරා ස්වල්පයක්ව ඇති අතර මේ වන විට මයික්‍රසොෆ්ට් සමාගම තම නව මෙහෙයුම් පද්ධති යාවත්කාලිනය පිලිබදව ප්‍රවර්ධන කටයුතුවලට පිවිසෙමින් තම ඉදිරි නිකුතුව පිලිබදව විවිධ තොරතුරු හෙලිකරන්නට පටන්ගෙන ඇත.
                            "the new Windows" ලෙසට වින් 8.1 හඳුන්වන්නට කටයුතු කරන මයික්‍රසොෆ්ට් ආයතනය ඉස්මතුකොට දක්වන්නට උත්සාහ කරන කාරනයක් වන්නේ තම Bing engine සෙයුම් යාන්ත්‍රනය පරිගණකය දෙසට මෙන්ම වෙබ් අවකාශය වෙතට මෙහෙයුම් පද්ධතිය පුරාවටම විහිදෙන ලෙසින් පැමිනෙනු ඇති බවයි.භාවිතාකරන්නන් හට වින්ඩෝස් 7 භාවිතාවෙන් වින්ඩෝස් 8.1 වෙතට පැමිනෙන්නට සෑහෙන කාරනා ගෙන ඒමේ අභියෝගය සදහා තීර්නාත්මක යමක් ගෙනෙන්නට වින්ඩෝස් 8.1 අවසන් සංස්කරනය සමග හැකි උපරිමයෙන් ආයතනය කටයුතු කරනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...